isoc-sl

අන්තර්ජාල සංගමය-ශ්‍රී ලංකා පරිච්ඡේදය (ISOC-LK)

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/24

ජාත්‍යන්තර අන්තර්ජාල ප්‍රජාව දේශීය වශයෙන් නියෝජනය කරමින් අන්තර්ජාලය ආශ්‍රිත සේවා වැඩිදියුණු කිරීම, ප්‍රචලිත කිරීම අන්තර්ජාල සංගමයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයේ අරමුණ වේ. ඒ අතර දේශීය ගැටළු සහ සංවර්ධනයන් මෙන්ම අන්තර්ජාලය තුල දේශීය භාෂා භාවිතය පිළිබඳ අවධානය යොමු කරනු ලැබේ. නවෝත්පාදනයන් දිරිමත් කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම සහ ශ්‍රී ලංකාවේ වඩා ආරක්ෂිත අන්තර්ජාල භාවිතය ප්‍රචලිත කිරීම මෙහි ප්‍රධාන ක්‍රියාකාරකම් වේ. ISOC-LK හි හිටපු සභාපතිනිය සාගරිකා වික්‍රමසේකර මෙනවිය ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලය වෙත විශේෂ ස්තූතිය පිරිනැමේ. www.isoc.lk