yeheli

යෙහෙළි (Yeheli.lk / Thozhi.lk)

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/23

Yeheli.lk / Thozhi.lk යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම නංවාලීම සඳහා කැපවී සිටින ප්‍රමුඛ පෙළේ ඩිජිටල් වේදිකාවකි. මෙය නිර්නාමිකව ගැටලු යොමු කළ හැකි, භාෂා තුනෙන්ම එහි පරිශීලකයින්ට නොමිලේ විශේෂඥ උපදෙස් සමඟ සම්බන්ධ කරන වෙබ් අඩවියකි. එය ස්මාර්ට් දුරකථන යෙදුමක් (ඇප් එකක්) ලෙසද ලබා ගත හැකිය. මෙම සේවාව හරහා නව මුහුණුවරකින් ලාංකික තරුණ තරුණියන් හට විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ඉඩ සලසයි. යෙහෙලි වෙත ඉදිරිපත් කරන ගැටලු සඳහා විෂය කරුණු පිළිබඳ විශේෂඥයින් ඩිජිටල් අයුරින් සම්බන්ධ කරයි. අපයෝජනය, ලිංගික සෞඛ්‍යය, උපත් පාලන ක්‍රම, සබඳතා ගැටළු, ගෘහස්ථ හිංසනය යනාදිය වැනි පවුලේ හා සම වයසේ මිතුරන් සමඟ සාකච්ඡා කළ නොහැකි තරම් සංවේදී මාතෘකා රාශියක් ගැන ඉගෙන ගැනීමට සහ සාකච්ඡා කිරීමට මෙම සේවාව ආරක්ෂිත සහ විශ්වාසදායක අවකාශයක් නිර්මාණය කරයි.