අවසන් වරට යාවත්කාලීන කලේ 2022/03/07

ශ්‍රී ලංකාවේ සයිබර් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය (CSGBV) සහ ඔවුනොවුන් අතර ඇතිවන ඔන්ලයින් වෛරී ප්‍රකාශ (GOHS) සහිත සිදුවීම් සඳහා පවතින ප්‍රතිචාර යාන්ත්‍රණයන් පිළිබඳ සාකච්ඡාව

සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය (CEJ) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකාවේ සයිබර් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය (CSGBV) සහ ඔවුනොවුන් අතර ඇතිවන ඔන්ලයින් වෛරී ප්‍රකාශ (GOHS) සහිත සිදුවීම් සඳහා පවතින ප්‍රතිචාර යාන්ත්‍රණයන් පිළිබඳව, 2022 පෙබරවාරි 25 වන දින පස්වරු 2.00 ට සූම් ඔස්සේ පවත්වන ලද සාකච්ඡාවට හිතවතී සහභාගී වන ලදි. මේ සඳහා විවිධ සංවිධානවල නියෝජිතයින් 17 ක් පමණ සහභාගී විය.