අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/10

“සයිබර් අවකාශයේ ඔබේ ළබැඳි මිතුරිය” ලෙස හඳුන්වා දෙමින් 2014 වසරේ ආරම්භ වූ හිතවතී ව්‍යාපෘතිය ජයග්‍රාහී ලෙස තම දස වස් පිරීමේ චාම් උත්සවය 2024 අප්‍රේල් මස 02 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිළධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය සහ ලංකා වසම් ලේඛකාධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා ඇතුළු ව්‍යාපෘතියට නන් අයුරින් සහය වන පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී.

මෙහිදී දස අවුරුදු ගමනේ වැදගත් සංධිස්ථාන සනිටුහන් කරමින් පොත් පිංචක් එළි දක්වන ලද අතර වීඩියෝ පටයක්ද නිකුත් කරන ලදී. මීට අමතරව, පසුගිය වසර 10 තුළ හිතවතී ව්‍යාපෘතියට සහය වූ පාර්ශවයන් ඇගයීමට ලක් කරන ලදී.