අවසන් වරට යාවත්කාලීන කලේ 2021/05/16

තෙල්දෙණිය, ගම්පහ සහ බලංගොඩ නැණසල මධ්‍යස්ථානයන් විසින් පාසැල් සිසු සිසුවියන් සඳහා පැවත්වූ Joomla වෙබ් අඩවි නිර්මාණ වැඩමුළුවට සමගාමී ත්‍යාග ප්‍රදානෝත්සවය ගම්පහ නැණසල මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් සහ LK Domain Registry ආයතනයේත් සහභාගිත්වයෙන් 2020 අගෝස්තු 20 වන දින ගම්පහදී පැවැත්විණි. ඒ සඳහා ආරාධිතයන් ලෙස LK Domain Registry ආයතනයේ ප්‍රධානී මහාචාර්ය ගිහාන් ඩයස් මැතිතුමන් සහ ව්‍යාපෘති කළමනාකාර නිරෝජා ජයවර්ධන මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක්ද එම තරඟාවලියට සහභාගී වූ පාසැල් වල සිසු සිසුවියන් සහ ඔවුන්ගේ ගුරු භවතුන්ද සහභාගී වුහ.

මෙහිදී හිතවතී උපකාරක සේවාව පිළිබඳව සහභාගී වී සිටි පිරිස දැනුවත් කිරීම සිදු කෙරිණි.