femailprofile

Sandu Sandu

Last updated on December 2, 2022

” හිතවතී ” ගැන මම මෙහෙම කියන්නම්. කෙනෙක් මාත් එක්ක ඉන්න ෆොටෝ එයාගෙ ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඇත්තටම ඒක මට කාලෙක ඉදලා තිබ්බ ලොකුම ප්‍රශ්නයක්. මට ඕන උනේ ඒවා අයින් කර ගන්න. ඒත් එහෙම කරන්න ඕන විදියක් ගැන මට අදහසක් තිබ්බෙ නෑ. සමහර අය කිව්වා රිපෝට් කරමු කියලා. ඒත් ඒකෙන් මේ ෆොටෝ ඇයින් වෙයි කියලා මට හිතුනෙ නෑ. ඉතින් මන් මේ ෆොටෝ අයින් කර ගන්න විදි හොයද්දි නිකමට වගේ දැක්කෙ මේ “හිතවතී” පේජ් එක.

ඉතින් නිකමට වගේ මැසේජ් එකක් දාලා බැලුවා. මට රිප්ලයි එකක් ආවා. ඉතින් මන් කිව්වා මගේ ප්‍රශ්නෙ. ඉතින් මට උදව් කලා ගොඩක්. ඉතින් මැසේජ් එකක් ආවා මට ෆොටෝ ඔක්කොම අයින් කලා කියලා. ඒක දැක්කාම මගේ ඔලුවට මාර නිදහසක් දැනුනා. ඇත්තටම මන් ඒ ෆොටෝ ප්‍රශ්නෙ නිසා ගොඩක් මානසිකව වද උනා. ඒ ටික අයින් කලා කිව්වාම මාර ම සතුටක් දැනුනෙ මට.
ඉතින් මන් හිතුවෙ නෑ මේ ප්‍රශ්නෙ මට විසද ගන්න පුළුවන් වෙයි කියලා . මට ” හිතවතී” කලේ ගොඩක් ලොකු උදව්වක්. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ මට. ගොඩක් ස්තූතී. ගොඩාක් පින් ” හිතවතී” ඔයාලාට මට මේ කරපු උදව්වට. 🙏