අවසන් වරට යාවත්කාලීන කලේ 2022/05/06

හිතවතී 100 වන සතිඅග පැන සැමරුම ෆේස්බුක් සජීවී විකාශය සමඟින් 2022 මාර්තු මස 21 වන දින LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ කාර්ය මණ්ඩලයේ සහ සූම් තාක්ෂණය ඔස්සේ Axiata ඩිජිටල් ලැබ්ස් ආයතනයේ මානව සම්පත් ප්‍රධානී සීනාත් සතාර් මහත්මියගේ සහභාගීත්වයෙන් LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේදී පවත්වන ලදි. මෙහිදී 100 වන පැනය සඳහා ජයග්‍රාහකයින් දස දෙනෙකු සජීවීව තෝරන ලද අතර ෆේස්බුක් ලයිව් සම්බන්ධ වූවන්ට ඉදිරිපත් කරන ලද බෝනස් පැනයට මුලින්ම පිළිතුරු දුන් පනස් දෙනා වෙත සැනසිලි තෑගී ලබා දීමටත් කටයුතු සූදානම් කර තිබුණි.