අවසන් වරට යාවත්කාලීන කලේ 2022/01/28

2021 දෙසැම්බර් 09 සහ 15 යන දෙදින “සයිබර් හිරිහැර කිරීම කළමනාකරණය කිරීමට සහ හානිය වළක්වා ගැනීමට ඉඟි” යන මැයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ පුහුණු වැඩසටහනේදී හිතවතී ව්‍යාපෘතිය පිලිබඳව දැනුවත් කිරීමේ සැසි පැවැත්වන ලදී. – සෞඛ්‍ය අමාත්‍යාංශයේ 1926 උපකාරක දුරකථන මධ්‍යස්ථානය විසින්, දිස්ත්‍රික් රෝහල්වල උපදේශකයින් සහ සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා මෙම පුහුණු වැඩසටහන පැවැත්වූ අතර මේ සඳහා නිලධාරීන් 50ක් පමණ සහභාගී වන ලදී.