අවසන් වරට යාවත්කාලීන කලේ 2023/05/17

සයිබර් අපරාධ ගැන ඔයා දන්නවාද?
සයිබර් හිංසනය කියන්නේ මොකක්ද?
ඉගෙනගන්න පුංචි අයට අන්තර්ජාලයේ තියෙන හිතකර අහිතකර දේ මොනවද?

මේ දේවල් ගැන විස්තර දැනගන්න වගේම ආරක්ෂා වෙන්නත් කියා දෙන්න, පාසැල් යන වයසේ ඉන්න දුවා දරුවන් හැම දෙනාටම තමන්ගේ අන්තර්ජාල අත්පොත විදියට ලඟම තියාගන්න පුළුවන් පොතක් තමයි “සයිබර් සුරැකුම”.

සිංහල, දෙමළ භාෂා දෙකෙන්ම තියෙන මේ පොඩ්ඩන්ට අති විශේෂයි…

සයිබර් සුරැකුම පොත කියවා පහත ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දෙන්න.

  1. ඔබේ දුරකථනය විකිණීමට පෙර දත්ත ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ගය තෝරන්න.
    1. දුරකථනයේ මුරපදය වෙනස් කිරීම
    2. සියලුම දත්ත මකා දැමීමට Factory reset කිරීම
    3. වෝල්පේපර් එක මාරු කිරීම
    4. සිම්පත ඉවත් කිරීම
  2. අන්තර්ජාලය හරහා කෙනෙක් ඔබට බැණ වැදුණොත් ඔබ එයට වහාම ප්‍රති පිළිතුරු යැවිය යුතුද?
    1. ඔව්
    2. නැත
  3. හිතවතී ව්‍යාපෘතියෙන් ඉටු නොවන්නේ පහත සඳහන් දේවල් අතුරින් කුමක්ද?
    1. ගැහැණු ළමුන්ට පමණක් සහාය වීම
    2. උපදේශන සේවා සැපයීම
    3. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය  තොරතුරු ලබා දීම
    4. ඇමතුම් සේවාවක් පවත්වාගෙන යාම
  4. ද්වි-සාධක සත්‍යාපනය (Two-factor Authentication / 2FA) යනු කුමක්ද?
    1. අනිෂ්ට මෘදුකාංගයකි
    2. SMS පණිවිඩයකි
    3. ෆිෂිං සඳහා එවන පණිවිඩයකි
    4. මුරපදයට අමතරව අනන්‍යතාවය සහතික කරන ක්‍රමවේදයකි.
  5. ඔබේ ඡායාරූපයක් අනවසරයෙන් පළ කර තිබුණහොත් එයට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය කුමක්ද?
    1. කමෙන්ට් කර බැණ වැදීම
    2. මැසේජ් කර එය ඉවත් කරන ලෙස කීම
    3. රිපෝට් කර, හිතවතී ව්‍යාපෘතිය වෙත දැනුම් දීම
    4. සමාජ ජාල භාවිතයෙන් සදහටම වැළකීම
  6. ශක්තිමත් පාස්වර්ඩ් එකක් වන්නේ?
    1. ඔබේ දුරකථන අංකය
    2. ඔබේ උපන්දිනය
    3. වැකියක මුල් අකුරු සංකේත ඉලක්කම් මිශ්‍රව
    4. නමට ඉදිරියෙන් 123
  7. ළමා හා තරුණ පරපුර මුහුණ දෙන ඔන්ලයින් අවදානමක් නොවන්නේ
    1. සයිබර් හිංසනයට ලක් වීම
    2. අන්තර්ජාලයට ඇබ්බැහි වීම
    3. සයිබර් අපරාධවලට හසු වීම
    4. අන්තර්ජාලය හරහා ඉගෙනුම් කටයුතු කිරීම
  8. අන්තර්ජාලයේ සැරිසැරීම හා බැඳි අසත්‍ය ප්‍රකාශය වන්නේ
    1. අපරාධවල නියැළෙන ව්‍යාජ ගිණුමක් පිටුපස සිටින තැනැත්තා කිසිසේත් සොයා ගත නොහැක
    2. අප නොදන්නා බොහෝ දේ අන්තර්ජාලය හරහා ඉගෙන ගත හැක
    3. සමහරු අන්තර්ජාලය අවභාවිත කර අන් අයට වංචා, හිංසා පීඩා කරයි
    4. හිතවතී, සයිබර් අවකාශයේ සුරක්ෂිතව සිටිය යුතු ආකාරය ගැන ඔබව දැනුවත් කරයි
  9. අන්තර්ජාලයට / සමාජ මාධ්‍යන්ට ඇබ්බැහි වීම පිළිබඳ අසත්‍ය ප්‍රකාශය තෝරන්න.
    1. කුකීස් හරහා වෙළඳුන් අන්තර්ජාලයේ ඔබ සැරිසරන වෙබ් අඩවි, රුචි අරුචිකම් හඳුනා ගනී.
    2. සමාජ මාධ්‍ය / අන්තර්ජාලය මඟින් සැම විටම ඔබව පොළඹවන්නේ යහපත් දේ කිරීමටයි.
    3. අතීතයේ ඔබ සෙවූ යමකට අදාළව ආකර්ෂණීය දැන්වීම් / යෝජනා තවමත් දිස් විය හැක.
    4. සමාජ ජාල, අපේ මොළයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගෙන අවධානය ගැනීමට තැත් කරයි.
  10. සබැඳි (ලින්ක්ස්) ක්ලික් කිරීමේදී හෝ ඇමුණුම් (ඇටෑච්මන්ට්ස්) ඩවුන්ලෝඩ් කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුත්තේ ඇයි?
    1. ඔබේ පරිගණකයට හානි කරන වෛරස් ඒවායේ තිබිය හැක.
    2. ඒවායේ නුසුදුසු දේවල් අන්තර්ගත විය හැක.
    3. ඒ හරහා ඔබේ පරිගණකයෙන් තොරතුරු සොරකම් කිරීමට ඉඩ ඇත.
    4. ඉහත සියල්ලම.

පිළිතුරු

(1-b, 2-b, 3-a, 4-d, 5-c, 6-c, 7-d, 8-a, 9-b, 10-d)

සයිබර් සුරැකුම පොත කියවා පහත ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දෙන්න.

  1. ඔබේ දුරකථනය විකිණීමට පෙර දත්ත ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ගය තෝරන්න.
    1. දුරකථනයේ මුරපදය වෙනස් කිරීම
    2. සියලුම දත්ත මකා දැමීමට Factory reset කිරීම
    3. වෝල්පේපර් එක මාරු කිරීම
    4. සිම්පත ඉවත් කිරීම
  2. අන්තර්ජාලය හරහා කෙනෙක් ඔබට බැණ වැදුණොත් ඔබ එයට වහාම ප්‍රති පිළිතුරු යැවිය යුතුද?
    1. ඔව්
    2. නැත
  3. හිතවතී ව්‍යාපෘතියෙන් ඉටු නොවන්නේ පහත සඳහන් දේවල් අතුරින් කුමක්ද?
    1. ගැහැණු ළමුන්ට පමණක් සහාය වීම
    2. උපදේශන සේවා සැපයීම
    3. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය  තොරතුරු ලබා දීම
    4. ඇමතුම් සේවාවක් පවත්වාගෙන යාම
  4. ද්වි-සාධක සත්‍යාපනය (Two-factor Authentication / 2FA) යනු කුමක්ද?
    1. අනිෂ්ට මෘදුකාංගයකි
    2. SMS පණිවිඩයකි
    3. ෆිෂිං සඳහා එවන පණිවිඩයකි
    4. මුරපදයට අමතරව අනන්‍යතාවය සහතික කරන ක්‍රමවේදයකි.
  5. ඔබේ ඡායාරූපයක් අනවසරයෙන් පළ කර තිබුණහොත් එයට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය කුමක්ද?
    1. කමෙන්ට් කර බැණ වැදීම
    2. මැසේජ් කර එය ඉවත් කරන ලෙස කීම
    3. රිපෝට් කර, හිතවතී ව්‍යාපෘතිය වෙත දැනුම් දීම
    4. සමාජ ජාල භාවිතයෙන් සදහටම වැළකීම

පිළිතුරු
(1-b, 2-b, 3-a, 4-d, 5-c)