අවසන් වරට යාවත්කාලීන කලේ 2022/05/16
අම්මා රට යන්න කලින්ම දුව බිලි වුනාද?
කෞෂි පාසල් අධ්‍යාපනය අවසන් කරලා රැකියාවක් සොයමින් සිටියේ ඇයගේ මව ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දී සිටි නිසාය. මුදල් නිසා කෞෂි ට සහ මවට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වුනා. කෙසේ වෙතත් ඇය උත්සාහ කරපු එක රැකියාවක් වත් ඇයට හරි ගියෙත් නෑ.
මේ තත්ත්වය නිසා කෞෂිගෙ අම්මා රට යන්න තීරණය කරනවා. ඔවුන් ඒජන්සියක් වෙත ගොස් එහි කිසියම් පුද්ගලයෙක් මුණගැහෙන අතර මෙම පුද්ගලයා ඔවුන්ගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගනී. මොහු කෞෂිට සහ ඇයගේ මවට ඉක්මනින් රැකියාවක් ලැබෙන බවටත් ඉන් ඔවුන්ගේ සියලු ප්‍රශ්න විසඳෙන බවටත් පොරොන්දු වේ. ඒජන්සියට දුන්න මුදල් කෞෂිගෙ අම්මා හොයා ගන්නේ හරිම අමාරුවෙන්. ඇය එම මුදල් ඉල්ලාගන්නෙ නෑදෑ කෙනෙක්ගෙන්, නැවත ඉක්මනින් එම මුදල් ලබා දෙන බවට පොරොන්දු වෙලා.
දුව වෙනුවෙන් හැඬූ අම්මා
වයස අවුරුදු 17 ක් වූ සුසිලාගේ දියණිය, හානිකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොල්ලෙක් සමඟ රහසිගතව පෙම් පටලැවිල්ලක් ඇති කරගෙන තිබෙන බව දිනක් සුසිලාට විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා. ඒ වන විට පාසල් අධ්‍යාපනය ලබමින් සිටි තම දරුවාගේ යහපත වෙනුවෙන් එය කඩා බිඳ දැමීමට ඇය වහා මැදිහත් වුණා. මේකට හොඳටම තරහ ගිය කොල්ලා සුසිලාට තර්ජනය කළේ ඔහු කෙසේ හෝ සුසිලාගෙන් පළිගන්නා බව අඟවමින්.
සංවිධානය කරන ලද ඉදිරි වැඩසටහන් නොමැත.
අපගේ සඟරාව සඳහා ලියාපදිංචි වන්න
නවතම සයිබර් ආරක්ෂණ තොරතුරු , ඉඟි හා උපක්‍රම, හිතවතී පුවත් සහ තවත් බොහෝ දේ සමඟින්
හිතවතී මාසික සඟරාව සඳහා ලියාපදිංචි වන්න