අවසන් වරට යාවත්කාලීන කලේ 2023/03/25
LK ඩොමේන් රෙජිස්ට්‍රි සහ Axiata ඩිජිටල් ලැබ්ස් අතර අවබෝධතා ගිවිසුම
Axiata ඩිජිටල් ලැබ්ස් හිදී
ලංකා වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) සහ Axiata Digital Labs ආයතනය ආරක්ෂිත අන්තර්ජාල භාවිතය පිළිබඳව කාන්තාවන් සහ ළමුන් දැනුවත් කිරීමට අත්වැල් බැඳ ගනී. ඒ සඳහා LK ඩොමේන් රෙජිස්ට්රියේ ප්රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා සහ Axiata Digital Labs (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී තුෂෙර කවුදවත්ත මහතා 2023 මාර්තු 21 වන දින අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් කරන ලදී.
සයිබර් සුරැකුම පොත් පිංච, පාසල්වල දැනුවත් කිරීමේ වැඩසටහන්, ඔන්ලයින් වැඩමුළු (වෙබ්නා) සහ හිතවතී පිළිබඳ ආරක්‍ෂක වීඩියෝපට හරහා සැමට සුරක්ෂිත අන්තර්ජාල ප්‍රජාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.
හිතවතී කාන්තා දින සැමරුම – සයිබර් අවකාශයේ කාන්තාවන් සවිබල ගැන්වීම
කොළඹ 10, එක්සෙල් ව(ර්)ල්ඩ් හිදී
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා “සයිබර් අවකාශයේ කාන්තාවන් සවිබල ගැන්වීම” යන තේමාව ඔස්සේ හිතවතී පාර්ශවකරුවන් ඇගයීමේ හමුවක් උත්සවාකාරයෙන් 2023 මාර්තු 14 දින කොළඹ එක්සෙල් ව(ර්)ල්ඩ් – මාකොපෝලෝ ලෝන්ජ් හිදී පවත්වන ලදී. එම ස්ථානයට පාර්ශවකරුවන් 30 දෙනෙකු පමණ සහභාගී වූ අතර අනෙක් සියලුම දෙනාට හිතවතී ෆේස්බුක් පිටුව හරහා සජීවීව සම්බන්ධ වීමට අවස්ථාව උදා විය.
කාන්තාවන්ගේ ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
ඔන්ලයින් – MS TEAMS (ටීම්ස්)
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, Axiata Digital Labs (ADL) ආයතනයේ සහයෝගීත්වයෙන් කාන්තාවන්ගේ ඔන්ලයින් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ ඔන්ලයින් වැඩසටහනක්, 2023 මාර්තු 08 දින, MS Teams (ටීම්ස්) හරහා පවත්වන ලදී.
තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ විශේෂ වැඩසටහනක්
ෆේස්බුක් සජීවී විකාශය
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, තාක්ෂණය සුරක්ෂිතව සහ ඵලදායි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව කාන්තාවන් සඳහා වූ විශේෂ වැඩසටහනක් 2023 මාර්තු 07 වන දින ඩයලොග් – යෙහෙළි සහ හිතවතී එක්ව ෆේස්බුක් හි සජීවීව පවත්වන ලදී.
.
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (FM 91.7 / 91.9)
2023 පෙබරවාරි 24 වැනි සිකුරාදා පෙ.ව. 11.00 ට සයිබර් ආරක්ෂාව හා හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය (FM 91.7 / 91.9) සේවයේ ජනරාවය වැඩසටහන හරහා සජීවීව විකාශනය විය.
.
“හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්යාපෘතියේ සමාරම්භක උත්සවය
Resiliency Initiative අනුග්රහයෙන් හිතවතී ව්යාපෘතිය හරහා නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන්ගේ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඇරඹී “හිතවතී ටීන්ස් හබ් (Hithawathi Teens Hub)” නියමු ව්යාපෘතියේ සමාරම්භක උත්සවය පසු ගිය 16 වන දින ගලේවල අධ්යාපන කලාපයේ දඹුල්ල ඉනාමළුව විද්යාල භූමියේදී සනිටුහන් කරන ලද අතර ආරාධිත අමුත්තන් ලෙස LK ඩොමේන් රෙජිස්ට්රියේ ප්රධාන විධායක නිළධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා, ගලේවල කලාප අධ්යාපන අධ්යක්ෂ වෙනුවෙන් ගුරු වෘත්තීය සංවර්ධන මධ්යස්ථානාධිපති විජේකෝන් බණ්ඩා මහතා, අධ්යාපන අමාත්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ අධ්යක්ෂිකා වාසනා එදිරිසූරිය මහත්මිය (ඔන්ලයින්), ගලේවල අධ්යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක ධම්මික සෝමදාස මහතා, ගලේවල අධ්යාපන කලාපයේ තෝරාගත් පාසැල් 11ක විදුහල්පතිවරුන් ඇතුළු ගුරු භවතුන් සහ ටීන්ස් හබ් නායක සිසු දරු දැරියන් සහභාගී විය.
හිතවතී අවසන් සතිඅග පැන සැමරුම
ඔක්තෝම්බර් 3 වන සඳුදා දින දහවල් 12:00 ට හිතවතී ෆේස්බුක් සජීවී විකාශය සමඟ එකතු වෙන්න!
හිතවතී 100 වන සතිඅග පැන සැමරුම
හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන 100 වන සතිඅග පැනය සැමරීම සඳහා ජයග්‍රාහකයින් 10 දෙනෙකු LK ඩොමේන් රෙජිස්ට්‍රියේ දී සජීවීව තෝරා ගැනේ. මේ සඳහා Axiata ඩිජිටල් ලැබ්ස් අනුග්‍රාහකත්වයෙන් ජයග්‍රාහකයින් වෙත රු. 500/- බැගින් වටිනා ඩේටා කාඩ්පත් ලබා දෙයි. මාර්තු 21 වන සඳුදා දින දහවල් 12:00 ට හිතවතී ෆේස්බුක් සජීවී විකාශය සමඟ එකතු වෙන්න!
කාන්තා දිනයට සමගාමීව හිතවතී විසින් සංවිධානය කරනු ලබන වෙබිනා සැසිය “අන්තර්ජාලයේ සිදුවන කාන්තා හිංසනය හා නීතිය!”
කාන්තා දිනයට සමගාමීව හිතවතී විසින්, ICTA ආයතනය සමග එකමුතු වී අන්තර්ජාලයේ සිදුවන කාන්තා හිංසනය හා නීතිය පිළිබඳව වෙබිනාර් සැසිය ක් සංවිධානය කර ඇත.
දිනය: 2022 මාර්තු මස 12 වන සෙනසුරාදා
වේලාව: පෙ.ව 9:30 සිට පෙ.ව 10:30
කාලය: පැය 1
මාධ්‍ය: සිංහල
ලියාපදිංචි වීම : https://bit.ly/3HxRb9i
ශ්‍රී ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ කාර්යමණ්ඩලය සඳහා හිතවතී ව්‍යාපෘතිය සහ සේවා පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක්
ආදරයේ නාමයෙන් බ්ලැක්මේල් වීම
හිතවතී මගින් නව යොවුන් වියේ ගැහැණු ළමයින් සහ කාන්තාවන් සඳහා සුවිශේෂී වූ වෙබ්නාර් වැඩසටහනක් සංවිධානය කර ඇත.
ආදරයේ නාමයෙන් බ්ලැක්මේල් වීම තේමා කරගත් මෙම වැඩසටහන ICTA ආයතනය සමග එක්වී පවත්වනු ලබයි.
දිනය: 2021, දෙසැම්බර් මස 18 වන දින
වේලාව: ප.ව 5:30 සිට ප.ව 6:30 දක්වා
කාලය: පැය 1
මාධ්‍ය: සිංහල
වෙබිනාර් වැඩමුළුව විකාශනය වන්නේ
Zoom, Hithawathi Facebook නාලිකාව , Hithawathi Yotube නාලිකාව
සම්පත් දායකත්වය: සරිතා ඉරුගල්බණ්ඩාර මහත්මිය, සාමාජ මාධ්‍ය විශ්ලේෂිකා ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය, HashTag Generation
ලියාපදිංචි වීම : https://bit.ly/3oPVkyg
හිතවතී වෙබිනා වැඩසටහන – “දත්ත වල පෞද්ගලිකත්වය හා ඩිජිටල් පා සටහන”
දත්ත වල පෞද්ගලිකත්වය සහ ඩිජිටල් පා සටහන යන තේමාව යටතේ හිතවතී ව්‍යාපෘතිය විසින් සංවිධානය කළ වෙබිනාර් වැඩමුළුව පසුගිය සැප්තැම්බර් 30 වන දින සවස 4 සිට 5 දක්වා Zoom ඔස්සේ පැවැත්විණි. මෙහි සම්පත් දායකත්වය Tech One Global ආයතනයේ ආරක්ෂණ ක්‍රමෝපාය උපදේශක ගයාන් අබේගුණවර්ධන මහතා විසින් සපයනු ලැබිණි. වැඩසටහන මෙහෙයවනු ලැබූයේ ලංකා වසම් ලේඛකාධිකාරී ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකරන නිලධාරී සම්පත් රාජරත්න මහතා විසිනි. මෙම වැඩසටහනේදී පුද්ගලික දත්ත සොරාගන්නා ආකාරයන් සහ එයින් ආරක්ෂා වන ආකාරයන් ගැනත් සාකච්ඡා කෙරිණි.
වැඩසටහනේ වීඩියෝව පහත සබැඳියෙන්… https://www.youtube.com/playlist?list=PLqZ1JpaIpm9i2BSiwQ2bzbeGd4Z3tw45U
“සයිබර් සුරැකුම” පොත එළි දැක්වීම
විශේෂයෙන්ම පාසල්ම යන දු පුතුන්ට අන්තර්ජාලයේ හොද නරක වෙන්කරගැනීමට සහ ඉන් ප්‍රයෝජන ගැනීමට උපකාරී වන, හිතවතී විසින් තිලිණ කරන සයිබර් ආරක්ෂණ අත්පොත- “සයිබර් සුරැකුම” පොත එළි දැක්වීම ඔක්තෝම්බර් මස 8 වන දින පෙ.ව 10:00 ට පැවත්වේ

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා හිතාවතී ව්‍යාපෘතිය සහ සේවා පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක්

අන්තර්ජලයේ සැරිසරන දරුවා සුරක්ෂිත කිරීම සඳහා දෙමාපියන්ට ඇති පාලක උපක්‍රම පිලිබඳ වෙබිනාර් වැඩමුළුව
තේමාව: දරුවට නොදැනෙන්න දරුවාව නිවැරදිව සිමා කරන්නසම්පත් දායකයින්:
- දිනේෂා ගමගේ – උපදේශිකා
- පාරමී කුලන්ගනා – තොරතුරු ආරක්ෂණ විශ්ලේශිකා Sri Lanka CERT
දිනය : 2021 සැප්තැම්බර් 25
වෙලාව : සවස 5.30 සිට 6.30 දක්වා
මේ ගැන උනන්දුවක් ඇති සියලු දෙමව්පියන්ට කෙරෙන ආරාධනයයි…
ලියාපදිංචි වීමට : https://forms.gle/FskLJMPbG5gHnppT8
Zoom link: https://us02web.zoom.us/j/89236172064
Meeting ID: 892 3617 2064

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා හිතවතී ව්‍යාපෘතිය සහ සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක්

වෙබිනාර් සැසිය – ඔයත් gamer කෙනෙක්ද? ඔයා පරිස්සම්ද? පරිගණක/මොබයිල් ක්‍රීඩා සහ ආරක්ෂාව!
යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා හිතාවතී ව්‍යාපෘතිය සහ සේවා පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක්

හිතවතී – ITN – ගැජට් මේනියා සමඟින්….
වෙබිනාර් සැසිය – සුරක්ෂිතව ඔන්ලයින් උගන්වන්නේ කොහොමද?
“කොරෝනා සමයේ නිවසේ සිට වැඩ කිරීමේ දී ආරක්ෂිතව අන්තර්ජාලය භාවිතයට මාර්ගෝපදේශනයක්!”

මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ පැවැත්වුණු Joomla වැඩමුළුව

නැණසල Joomla වෙබ් අඩවි නිර්මාණ ත්‍යාග ප්‍රදානෝත්සවය

ත්‍රිත්ව විද්‍යාලයීය Joomla ගුරැ පුහුණුව

නුවර එලිය ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පැවැත්වුණු වැඩමුළුව

රිකිල්ලගස්කඩ නැණසල මධ්‍යස්ථානයේ දැනුවත් කිරීමේ වැඩසටහන

අලව්ව MAS කර්මාන්තශාලාවේදී පැවැත්වූ දැනුවත්කිරීමේ වැඩසටහන

සුහුරුලිය මොනරාගල දිස්ත්‍රික් සමුළුව

ෆේස්බුක් දකුණු ආසියානු ආරක්‍ෂිත සමුළුව 2019

“යෙහෙළි” සමඟ අත්වැල් බැඳගනිම

ඉන්ෆෝටෙල් 2019

වනිතා ආරක්ෂණ සමුළුව

සයිබර් හිංසනයට විරුද්ධව ක්‍රියාත්මක වීමට වෙබ් අඩවියක්.

ෆේස්බුක් හි විශ්වාසනීය හවුල්කරුවෙකු (Trusted Partner) බවට ‘හිතවතී’ පත්වේ

ඩිජිටල් යුගයට සම්බන්ධ වීමේ අවස්ථාව ලංකාවට අහිමි කළ නොහැකිය – මහාචාර්ය ගිහාන් ඩයස්

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර
2023 ජනවාරි 17 වැනි දින හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් මෙන්ම සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසියක් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර මෙම වැඩසටහන එම විද්‍යාලය මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා සිසු සිසුවියන් සහ ගුරුභවතුන් 200ක් පමණ සහභාගී වූහ.
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
2023 ජනවාරි 11 වැනි දින හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් බදුල්ල සුජාතා විද්‍යාලයේ පයිතන් පුහුණු වැඩමුළුවේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන MAC පරිගණක පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද අතර සැසිය සඳහා පාසලේ විදුහල්පතිතුමා, සිසුන් හා ගුරුවරුන් ඇතුළුව 40 දෙනෙකු පමණ සහභාගී විය.
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
2022 සැප්තැම්බර් 26 වැනි දින හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වූ අතර මේ සඳහා විද්‍යාලීය සිසුන් හා ගුරු භවතුන් 100 ක් පමණ සහභාගී වූහ.
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
2022 සැප්තැම්බර් 23 වැනි දින හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් නිවිතිගල සුමන මහා විද්‍යාලයේ ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී පවත්වන ලදී. මෙම වැඩමුළුව වෙබ්කොම්ස් ග්ලෝබල් (WebComms Global) ආයතනය විසින් සංවිධානය කරන ලද අතර සැසිය සඳහා සිසුන් හා ගුරුවරුන් ඇතුළුව 60 දෙනෙකු පමණ සහභාගී විය.
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – මොණරාගල දුටුගැමුණු ජාතික පාසල
2022 අගෝස්තු මස 02 වැනි දින මොණරාගල දුටුගැමුණු ජාතික පාසලේ පැවැත්වූ බුත්තල නැණසල විසින් සංවිධානය කරන ලද, ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා ගුරුවරු සහ සිසු සිසුවියන් 60 දෙනෙක් පමණ සහභාගී වූ අතර දිස්ත්‍රික් ලේකම්තුමා, කළාප අධ්‍යක්ෂකතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා සහ දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරි මහතා යනාදී නිලධාරී මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – මහනුවර – පොල්ගොල්ල ආදර්ශ විදුහල
2022 මැයි 19 වැනි දින මහනුවර – පොල්ගොල්ල ආදර්ශ විදුහලේ පැවැත්වූ තෙල්දෙණිය නැණසල විසින් සංවිධානය කරන ලද ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා සිසු දරුදැරියන් 60 ක් පමණ සහභාගී වූහ.
හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – වත්තේගම මධ්‍ය මහා විදුහල
2022 මැයි 05 වැනි දින වත්තේගම මධ්‍ය මහා විදුහලේ පැවැත්වූ තෙල්දෙණිය නැණසල විසින් සංවිධානය කරන ලද ජූම්ලා පුහුණු වැඩමුළුවේ දී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා සිසු දරුදැරියන් 42 ක් පමණ සහභාගී වූහ.
සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රයේ(CEJ) පවත්වන ලද සාකච්ඡාව
හිතවතී ව්‍යාපෘතිය සහ සේවා පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය – සුහුරුලිය කළුතර දිස්ත්‍රික් සංසදය

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය

16 වැනි ජාතික කාන්තා අධ්‍යයන සමුළුව

‘සයිබර් අපරාධ’ පිළිබඳ වැඩමුළුව ගාලු මුවදොර හෝටලය – කොළඹ
