අවසන් වරට යාවත්කාලීන කලේ 2022/11/22
හිතවතීගෙන් Teensලට අලුත් වැඩසටහනක් !
අන්තර්ජාලයේ නිතර සැරිසරන ඔයාට පරිස්සමින් ඉන්න උදව් කරන යාලුවෙක්…
කාටද?
- Teensලට (පාසලේ 8 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා නව යොවුන් වියේ පසුවන ඔයාට)
කොහොමද වෙන්නේ?
- මුලින්ම අපි ඔයාගේ පාසලේ මූලික වැඩමුලුවක් කරනවා. ඊට පස්සේ ඔයාගේ පාසලේ Teens Hub ඒකක පිහිටුවනවා.
- මේකට මුලික වෙන්නේ ඔයාගේ පාසලේ විදුහල්පති සහ IT ටිචර්. ඒ විතරක් නෙවෙයි අපි Teens Hub Leaders ල කීපදෙනෙකුත් පත් කරනවා.
මොකද්ද මේකෙන් වෙන්නේ?
- අපි දන්නවා ඔයාට දැන් ඉන්ටර්නෙට් නැතිව බැහැ කියල. ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ඕන. හැබැයි පරිස්සමින්! ඒ කොහොමද කියල තමා මේ අලුත් වැඩසටහනෙන් කියල දෙන්නේ.
ඒ විතරද? නෑ….
- ඔයා හරියට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ කොහොමද?
- කළ යුතු, නොකළ යුතු දේ මොනවද?
- ඉන්ටර්නෙට් එකේ වෙන්න පුළුවන් අනතුරු මොනවද?
- ඒවා හඳුනගන්නේ කොහොමද?
- අලුත් තොරතුරු වගේම
- අන්තර්ජාලයේ අනතුරක් වුනොත් මොකද කරන්නේ කියලත් දැනුවත් කරනවා.
දන්නවාද?
- ඔයා කැමතිම social media channel එක හරහා Teens Hub එකට Join වෙන්න පුලුවන්….
ඉවරයි කිව්වට ඉවරම නෑ!
අපි සතිඅග ප්‍රශ්නයක් අහනවා – හරි උත්තරේ දෙන අය අතුරින් අහඹු ලෙස තෝර ගන්න පස් දෙනෙකුට වටිනා තෑගිත් දෙනවා. වැඩි විස්තර අපේ වැඩසටහනේදි කියල දේවි…..