අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/03

ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නුවර එලිය පාසලේ පරිපාලන අංශය විසින් එම පාසැලේ සිසු සිසුවියන්ට සහ දෙමව්පියන් වෙත සයිබර් හිරිහැරයන් පිළිබඳව  දැනුවත්කිරීමේ වැඩසටහනක් 2020 මාර්තු 06 වැනිදින  සංවිධානය කරන ලදී. “සයිබර් හිංසනයන් හඳුනාගැනීම සහ වැලැක්වීම” ලෙසින් මෙය නම් කෙරිණි. උසස් පෙළ සිසුන් සහ දෙමව්පියන් සඳහා පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා එම පාසලේ ගුරු භවතුන්ද සහභාගී වුහ.

අන්තර්ජාලය හරහා ඉගෙනුම් කටයුතු කරගෙන යාම සඳහා තිබෙන නවතම ක්‍රමවේදයන් ගැන මෙන්ම ඔන්ලයින් ආකාරයන් ඔස්සේ  ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරගැනීම පිලිබඳ ඇති අවස්තාවන් ගැන දැනගැනීමට සිසුන් උනන්දුවක් දැක්වුහ.

අන්තර්ජාලය භාවිත කරන විට ළමයින්ට ඇතිවන තර්ජනාත්මක සිදුවීම් පිලිබඳව සිසුන් දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරිණි. ප්‍රධාන මාතෘකාව සාකච්චා කරගෙන යාමේදී දෙවම්පියන් සහ ආචාර්ය මණ්ඩලය තමන්ට ඒ සම්බන්ධ විවිධ ගැටළු පැවතීම නිසා ඊට උනන්දුවෙන් සහභාගී වුහ.  සිසුන් මෙම වැඩසටහන පිලිබඳ තම අදහස් බෙදාහදාගත් අතර ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව සහ යම් යම් ගැටළු වලට විසඳුම් පිළිබඳව විමසන ලදී.

සයිබර් හිංසනයන් වලදී සහයෝගය ලබාගැනීම පිණිස හිතවතී උපකාරක සේවාව හා සම්බඳහා විය හැකි ආකාරය සහ එහිදී ඔවුන්ට ලබාගත හැකි උපකාරයන් පිළිබඳව ඔවුන් දැනුවත් කෙරිණි.