අවසන් වරට යාවත්කාලීන කලේ 2021/05/16

Joomla වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව තෙල්දෙණිය නැණසල මධ්‍යස්ථානය විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ගුරු මණ්ඩලය සඳහා සංවිධානය කෙරුණු වැඩමුළුවක් එම විද්‍යාලයේ ප්‍රාථමික අංශ පරිගණක විද්‍යාගාරයේදී පැවැත්විණ. මෙයට විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් 23 දෙනෙකු සහභාගී වූ අතර හිතවතී උපකාරක සේවාව පිළබඳවැ ඔවුන්ව දැනුවත් කිරීම සේදු කෙරිණි.

LK Domain Registry විසින් අන්තර්ජාල පරිශීලකයන්ගේ දැනුම ඉහල නැංවීම උදෙසා ක්‍රියාත්මක කර අවත්වාගෙන යන වැඩසටහන් පිළිබඳව එම කාර්ය මණ්ඩලයේ අවධානය යොමු වූ අතර සයිබර් ආරක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතයේදී ආරක්ෂා විම පිළිබඳව එහිදී කල වැඩසටහන පිළිබඳව ඔවුන් ස්තුතිවන්ත වුහ.