අවසන් වරට යාවත්කාලීන කලේ 2022/05/04

කාන්තා දිනයට සමගාමීව හිතවතී විසින් ICTA ආයතනය සමඟ එකමුතු වී “අන්තර්ජාලයේ සිදුවන කාන්තා හිංසනය හා නීතිය” පිළිබඳව වෙබිනාර් සැසියක් සංවිධානය කරන ලදී.

දිනය: 2022 මාර්තු මස 12 වන සෙනසුරාදා
වේලාව: පෙ.ව -9:30 සිට පෙ.ව 10:30
කාලය: පැය 1
මාධ්‍ය: සිංහල

සූම් හරහා පවත්වන ලද මෙම සැසිය හිතවතී ෆේස්බුක් පිටුවේ සහ යූටියුබ් චැනලයේ සජීවී ලෙස විකාශනය කරන ලදී.

සම්පත් දායකත්වය – නීතීඥ් ඩී.අයි.යූ. යහම්පත් මහත්මිය

වෙබිනාර් සැසියේ දී ආවරණය කරන ලද මාතෘකාවන්:


    1. සයිබර් අපරාධයන්/ සයිබර් හිංසනයන් යනු මොනවාද?

    2. හිරිහැරයන්ට ලක් වූ කාන්තාවන් කල යුත්තේ කුමක්ද?

    3. සයිබර් අවකාශයේ කාන්තාවක ආරක්ෂා විය යුත්තේ කෙසේද?

    4. සයිබර් අපරාධ වලට අදාල ලංකාවේ නීතිය

    5. නීතිමය සහාය ඔස්සේ ඔබට ඇති සවිය

    6. සයිබර් අපරාධ ගැන පොලිසියට පැමිණිලි කල හැකිද?

විස්තර පත්‍රිකාව බාගන්න (ඩවුන්ලෝඩ්)