අවසන් වරට යාවත්කාලීන කලේ 2025/06/24

2025 ජූනි 20, හයවන වෙළුම – 06 වෙනි කලාපය

මාසික සඟරාව

ලිපිය

අහන දකින හැමදේම ඇත්තද?

මේ දිනවල කෘතිම බුද්ධිය (AI) යොදාගෙන සිදු කරන වංචා ශ්‍රී ලංකාවේ වේගයෙන් පැතිර යනවා.

ඔයා ළඟදි දැක්කද ප්‍රසිද්ධ කෙනෙක් මුදල් ආයෝජනය කරන්න කියන වීඩියෝ එකක්?

නැත්නම්, ඔයාගෙ නැදෑ මල්ලිගෙ / නංගිගෙ කටහඬට සමාන හඬින් සල්ලි ඉල්ලලා කෝල් එකක් ආවද?

අවධානයෙන් ඉන්න! ඒක ඇත්ත නොවෙන්න පුළුවන්!

සත්‍ය කතාව

ඩේටා දන්සැලද, ඩිජිටල් සොරකමද?

සමන් අම්මව පන්සල් එක්කගෙන යන ගමන් හිටියෙ. අම්මා වෙසක් පෝයට සිල් ගන්න එක අනිවාර්යයෙන්ම කරන දෙයක්.

සමන්: අම්මේ, ඔයා සිල් අරන් ආවට පස්සේ අපි වෙසක් බලන්න යමුද? දන්සැල් පැත්තෙත් යමු හොඳේ?

සමන්ගෙ අම්මා: මහන්සි නැත්නම් මම එන්නම්. නැත්නම් පුතා යාළුවො එක්ක යන්න

බීප්! – සමන්ගේ ෆෝන් එකට අඳුරන්නෙ නැති නම්බර් එකකින් වට්ස්ඇප් මැසේජ් එකක් ආවා.

සම්පූර්ණ කතාව කියවන්න

මාසික වීඩියෝව