අවසන් වරට යාවත්කාලීන කලේ 2025/07/11

2025 ජුනි 24 වන දින කොළඹ දී Hashtag පරපුර විසින් සංවිධානය කරන ලද “The Digital Fourth Pillar” – ජාතික සංවාදයට හිතවතී සහභාගී විය. මෙහිදී ෆේස්බුක් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍යන් තුළ මැතිවරණ, ක්‍රියාකාරීත්වය මෙන්ම වගවීම කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව සාකච්ඡා කරන ලදී. කාන්තාවන්, LGBTQIA+ ප්‍රජාවන් සහ තරුණයින්ට බලපාන ඩිජිටල් අවකාශය නොමැති වීම, ඔන්ලයින් හිරිහැර මෙන්ම තාක්ෂණය සියලු දෙනාටම ප්‍රජාතන්ත්‍රවාදීව භාවිත කිරීම පිළිබදව විශේෂ අවධානය යොමු කරන ලදි. මෙම අවස්ථාවට පාර්ශවකරුවන් සහ අමුත්තන් 60 දෙනෙකු පමණ සහභාගී වූහ.

Photos courtesy of Hashtag Generation http://www.hashtaggeneration.org/