අවසන් වරට යාවත්කාලීන කලේ 2025/07/11
2025 ජූලි 1 වන දින කොළඹ දී ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) හා නවෝත්පාදන සමාජ සංවර්ධනය සඳහා වූ පදනම (FISD) එක්ව සංවිධානය කරන ලද පාර්ශ්වකරුවන්ගේ උපදේශනය: හැසිරීම් වෙනස්වීම් සන්නිවේදන (BCC) මොඩියුල කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා හිතවතී සහභාගී විය. මෙහිදී හානිකර ස්ත්රී පුරුෂ භාවය සහ සමාජ සම්මතයන් සමඟ කටයුතු කිරීම සඳහා BCC මොඩියුල තුනක් එළිදක්වන ලදි. මෙම සැසියට පාර්ශවකරුවන් 70 ක් පමණ සහභාගී වූහ.