අවසන් වරට යාවත්කාලීන කලේ 2025/08/07
‘හිතවතී’ සහ අනෙකුත් සමාජ සවිබල ගැන්වීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන FOUNDATION.LK නිල වශයෙන් එළි දැක්වීම 2025 ජූලි 29 වන අඟහරුවාදා කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හි දී පැවැත්විණි. මෙම අවස්ථාවට ඉන්දියාවේ Digital Empowerment Foundation (DEF) නියෝජනය කරමින් සෞරභ් කුමාර් ශ්‍රීවාස්තව මහතා, LK ඩොමේන් රෙජිස්ට්‍රියේ ප්‍රධාන විධායක නිලධාරී සහ වසම් රෙජිස්ට්‍රාර් මහාචාර්ය ගිහාන් ඩයස්, TechCERT හි ප්‍රධාන විධායක නිලධාරී කුෂාන් ෂර්මා මහතා, FOUNDATION.LK හි ප්‍රධාන විධායක නිලධාරී නිරෝජා ජයවික්‍රම මහත්මිය සහ නන් අයුරින් සහාය දක්වන බොහෝ පාර්ශවකරුවන් සහභාගී විය.