අවසන් වරට යාවත්කාලීන කලේ 2025/09/22

Alexa, Google Home, Siri වගේ ස්මාට් ස්පීකර් (smart speakers) දැන් හැම තැනම තියෙනවා. ඒවා අපිට ගීත අහන්න, මතක් කිරීම් කරන්න වගේම ස්මාට් උපකරණ පාලනය කරන්න උදව් වෙනවා. ඒත් මේ පහසු කිරීමේ උපකරණ සමහර විට අපේ පෞද්ගලිකත්වයට අවදානමක් ඇති කරන්නත් පුළුවන්.

ඔයා දැනුවත් වෙන්න ඕනේ දේ තමයි:

  1. නිතරම ඇහුන්කන් දී සිටීම

    මේ උපකරණ ඒවා අවදි කරවන වචනය (wake word) අහන්න නිර්මාණය වෙලා තියෙනවා. ඒත් සමහර වෙලාවට වෙන සද්දයක් ඇහුනත් wake word කියල වැරදියට හිතලා පටිගත (record) කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මේ රෙකෝඩිං cloud එකේ ගබඩා වෙලා තියෙන නිසා ඔයාගේ ගිණුමේ සැකසුම් (settings) මඟින් ඒවා අහන්න වගේම ඉවත් කරන්නත් පුලුවන්. ඔයාගේ ගිණුමට හොරෙන් කෙනෙක් ඇතුළු වුණොත් මේ රෙකෝඩිං වගේම අනෙක් තොරතුරුත් එයාට ලබා ගන්න පුලුවන්.

  2. දත්ත අන්තර්ජාලයේ ගබඩා වෙලා තියෙනවා

    ඔබේ කටහඬින් දෙන විධාන (voice commands) මෙන්ම ඔයා පාවිච්චි කරන smart උපකරණයේ අන්තර් ක්‍රියාකාරකම් එම ස්පීකරයේ පමණක් නොව ඔන්ලයින් ගබඩා වේ. ආරක්ෂක සැකසුම් (security settings) ශක්තිමත්ව තිබුනේ නැත්නම් ඔයාගේ තොරතුරු වෙන කෙනෙකුට බලන්න පුළුවන්.

  3. වෙනත් යෙදුම් (ඇප්) මගින් තොරතුරු එකතු කිරීම

    Smart speaker සක්‍රීය කරවන ඇප් මඟින් ඔයාගේ පුරුදු, රුචි අරුචිකම් වගේම දෙබස්වල සංවේදී තොරතුරු එකතු කරගෙන තියෙන්න පුළුවන්. ඒ නිසා විශ්වාසවන්ත ඇප් පමණක් භාවිත කර ඒවා ඉල්ලන අවසර (permissions) ප්‍රවේශමෙන් පරීක්ෂා කරන්න.

  4. සිදු විය හැකි අවදානම්

    • අපගේ පෞද්ගලික කතා බහ recordings වල තිබිය හැක
    • ගිණුම හැක් වුවහොත් මුදල් වගේම අනන්‍යතා සොරකමද සිදු වීමට ඉඩ තිබේ
    • පෞද්ගලික තොරතුරු මෙන්ම පවුලේ තොරතුරුද නොදැනුවත්වම පිට විමට ඉඩ ඇත
  5. ඔයා ආරක්ෂා වෙන්නේ කොහොමද?

    • පෞද්ගලික කතාබහක් සිදු වන විට උපකරණය mute කරන්න
    • නිතරම උපකරණයේ පැරණි recordings තියෙනවනම් ඒවා අයින් කරන්න එහෙම නැතිනම් auto-delete වෙන විදියට privacy settings සාදාගන්න
    • ඔයාගේ Wi-Fi ජාලයට ශක්තිමත් password එකක් ඇති බව තහවුරු කර ගන්න
    • තෙවන පාර්ශවීය ඇප් විශ්වාසදායී විය යුතු අතර ඒවා ගැන සැලකිලිමත් වන්න
    • පවුලේ අය තාක්ෂණික උපකරණ භාවිත කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලිකත්ව ආරක්ෂාව පිළිබඳව දැනුවත් කර තබන්න

තාක්ෂණික උපකරණ භාවිත කරන්න ඔයා ගොඩක් කැමති වේවි ඒවගේම ඒවා ඔයාගේ වැඩ ගොඩක් පහසු කරවයි. ඒත් එමගින් ඔයා හිතනවට වඩා ඔයාගේ තොරතුරු එළියට යන්න පුළුවන්. ඉහත පියවර අනුගමනය කිරීමෙන් ඔයාගේ පෞද්ගලිකත්වයට හානියක් නැතිව තාක්ෂණයේ වාසි අත් විඳින්න පුළුවන්.

මූලාශ්‍රය:

https://www.kaspersky.com/resource-center/threats/how-to-improve-your-smart-speaker-privacy
https://moxso.com/blog/how-smart-speakers-can-compromise-your-privacy