අවසන් වරට යාවත්කාලීන කලේ 2025/12/18

ටෙලිග්‍රෑම් කියන්නේ මිලියන ගණනක් දෙනා අදහස් / තොරතුරු බෙදා ගැනීමට හා සමූහයන් ලෙස එකතු වීමට භාවිත කරන ජනප්‍රිය ඇප් එකකි. නමුත් ටෙලිග්‍රෑම් හි සියල්ලම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නොවේ. විවිධ වංචාකරුවන් විසින් මෙය මුදල් / පුද්ගලික දත්ත සොරකම් කිරීමට සහ ව්‍යාජ දීමනා / දිනුම් ඇදීම් ආදියෙන් පුද්ගලයින් රැවටීමට භාවිත කරයි.

වංචා (ස්කැම්) හඳුනා ගැනීමට සහ ඒවායින් ආරක්ෂිතව සිටීමට ඔබ දැන ගත යුතු දේ මෙන්න,

සුලභ ටෙලිග්‍රෑම් වංචා

      1. ව්‍යාජ රැකියා අවස්ථා සහ කාර්යය හරහා ඉපැයීම්

        වංචාකරුවන් විසින් රැකියා අවස්ථා ලබා දීමේදී දැන්වීම් ක්ලික් කිරීම, නිෂ්පාදන ශ්‍රේණිගත (rate) කිරීම හෝ සරල කාර්යයන් සම්පූර්ණ කිරීම වැනි “පහසු රැකියා” ලබා දෙයි.

        මුලදී, ඔවුන් ඔබේ විශ්වාසය දිනා ගැනීමට සුළු මුදලක් ගෙවන අතර පසුව ඔවුන් ඉහළ මුදල් ඉපැයීමේ අවස්ථා සඳහා ඉදිරියට යාමට නම් වැඩිපුර මුදල් ආයෝජනය කරන ලෙස ඉල්ලීම් කරයි. අවසානයේදී, විශාල මුදලක් ආයෝජනය කළ ඔබට ඔබේ මුදල් අහිමි වන අතර ඒවාට සිදු වූයේ කුමක්ද යන්නවත් සිතාගැනීමට අපහසු වේ.

      2. ව්‍යාජ දීමනා සහ ත්‍යාග

        නොමිලේ ජංගම දුරකථන, මුදල් හෝ තෑගි ලබාදෙන බව පවසා බෙදාහරින පණිවිඩ ඔබට ‌බොහෝමයක් දැකිය හැකිය.

        එමෙන්ම ඒවා ලබාගැනීමට නම් කුඩා ගාස්තුවක් ගෙවිය යුතු බව ද සඳහන් කරයි. නමුත් ඔබ මුදල් ගෙවූ පසු, ඔබට එවැනි කිසිදු ත්‍යාගයක් ලැබෙන්නේ නැත.

      3. වංචනිකව වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටීම.

        වංචාකරුවන් බොහෝ විට පෙනී සිටින්නේ:

        • බැංකු නිලධාරීන්
        • සමාගම් කාර්ය මණ්ඩලය
        • ටෙලිග්‍රෑම් උපකාරක (support) සේවාව

        වංචනිකයින් විසින් විවිධ කාරණා සඳහා ඔබේ මුරපද (පාස්වර්ඩ්), OTP හෝ පුද්ගලික තොරතුරු ඉල්ලා සිටී. නමුත් මේ ආකාරයට කිසිදු සැබෑ නිල සංවිධානයක් ඔබගේ පුද්ගලික තොරතුරු හෝ සංවේදී තොරතුරු ලබාගන්නේ නැත.

      4. ක්‍රිප්ටො සහ ආයෝජන වංචා

        ව්‍යාජ කණ්ඩායම් විසින් ඔබට ඉහළ තලයේ ලාභ පෙන්වන අතර ඉදිරියේදී අසීමාන්තික ප්‍රතිලාභ ලැබෙන බව පවසා බලාපොරොත්තු ඇති කරයි. ඒ හරහා වංචාකරුවන් විසින් ඔබගේ සියලුම මුදල් අවසන් වන තුරු දිගින් දිගටම ආයෝජනය කිරීමට ඔබව පොළඹවයි.

      5. ෆිෂිං (phishing / ඔබව රවටන) ලින්ක්ස්

        ලින්ක් වල මේ ආකාරයට ලියා තිබේ:

        • “ඔබේ ගිණුම අක්‍රිය වනු ඇත”
        • “ඔබේ අනන්‍යතාවය සත්‍යාපනය කරන්න”
        • “ඔබ ත්‍යාගයක් දිනා ගත්තා”

          එවැනි ලින්ක් ක්ලික් කිරීමෙන් ඔබගේ ගිණුම්වලට ප්‍රවේශ වීමේ තොරතුරු (ලොගින්) හෝ අනිෂ්ට මෘදුකාංග (මැල්වෙයා) ඉන්ස්ටෝල් කළ හැකිය.‍

    ආරක්ෂිතව සිටින්නේ කෙසේද

    • නොදන්නා අයට කිසි විටෙකත් මුදල් යවන්න එපා.
    • මුලින්ම ලියාපදිංචි වීමේ ගාස්තු ඉල්ලා සිටින රැකියා වලට යොමු වෙන්න එපා
    • සැක සහිත ලින්ක් ක්ලික් කිරීමෙන් වැළකිය යුතු අතර නොදන්නා ඇමුණුම් / ලේඛන විවෘත කිරීමෙන් වළකින්න.
    • ටෙලිග්‍රෑම් හි ද්වි සාධක සත්‍යාපනය (2FA) සක්‍රිය කරන්න.
    • මුදල් ගෙවීම් වලට හෝ මුදල් ආයෝජනය කිරීමට ඔබට බලපෑම් කරන ටෙලිග්‍රෑම් සමූහ වලින් ඉවත් වන්න.
    • විශ්වාස කිරීමට පෙර පුද්ගලයින් කවුදැයි යන්න තහවුරු කරගන්න

    ඔබව ඉලක්ක කර යමක් සිදුවන විට කළ යුතු දේ,

    • මුදල් යැවීම වහාම නවත්වන්න
    • පුද්ගලයාව හෝ සමූහය අවහිර (බ්ලොක්) කරන්න
    • සාක්ෂි ලෙස ස්ක්‍රීන්ශොට් තබාගන්න
    • වංචනිකව කටයුතු කරන සමූහය හෝ චැනලය ටෙලිග්‍රෑම් වෙත වාර්තා (රිපෝට්) කරන්න.
    • ඔබගේ මුදල් වංචාවන්ට හසු වුවහොත් ඔබේ බැංකුව හෝ ගෙවීම් සේවාව අමතන්න

     

    මතක තබා ගන්න: ටෙලිග්‍රෑම් හි වාර්තාකරණ (reporting) පද්ධතිය සැමවිටම නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර, වංචාකරුවන් බොහෝ විට නැවත නව ගිණුම් හරහා පැමිණිය හැකිය.

     

    මූලාශ්‍ර:

    https://surfshark.com/blog/telegram-scams?srsltid=AfmBOooI47wCcgc8ju8emYYErYa6PObG3EZS_mqQ9_d29ibbW6itEGxw
    https://threatcop.com/blog/telegram-scams/