අවසන් වරට යාවත්කාලීන කලේ 2025/12/18

ටික්ටොක් හි ආරාධනයට අනුව හිතවතී 2025 ටික්ටොක් ආසියානු පැසිෆික් ආරක්ෂණ සමුළුවට සහභාගී විය. මෙම සමුළුව 2025 නොවැම්බර් 12 වන දින දකුණු කොරියාවේ සෝල් නගරයේ “යොවුන් ආරක්ෂාව – හවුල් වගකීම සහ බහු පාර්ශ්වික ප්‍රවේශයක්” යන තේමාව යටතේ පැවැත්වුණි. මෙම සමුළුවේ විශේෂඥ සැසියේ පැනල සාමාජිකයන් හතර දෙනා අතරින් එක් අයෙකු ලෙස හිතවතී සහභාගීව, ටික්ටොක් සමඟ ඇති සහයෝගිතාව පිළිබඳව, ටික්ටොක් යෙදුම තුළ (in-app) ආරක්ෂණ විශේෂාංගවලට හිතවතී උපකාරක සේවාව (helpline) ඒකාබද්ධ කිරීම සහ ගෝලීය ප්‍රජා හවුල්කරු නාලිකාවක් (CPC) ලෙස හිතවතීගේ භූමිකාව ඇතුළු දේ ගැන තොරතුරු බෙදාගන්නා ලදී. මෙම සමුළුව යෞවන ඩිජිටල් ආරක්ෂාව පිළිබඳ වටිනා අවබෝධයන් ලබාදුන් අතර, සයිබර් ආරක්ෂාව සහ කාන්තාවන් හා ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන කලාපීය පාර්ශවකරුවන් 21 දෙනෙකු ඇතුළුව 100 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වුණි.