අවසන් වරට යාවත්කාලීන කලේ 2025/12/18
ලෝක බැංකුව විසින් සංවිධානය කරන ලද ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දින 16 ක්‍රියාන්විතයෙහි “සියලුම කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ඩිජිටල් හිංසනය අවසන් කිරීමට එක්වෙමු” යන තේමාවට සමගාමීව සයිබර් අවකාශය තුළ සිදුවන තර්ජන වලට ආරක්ෂිතව ප්‍රතිචාර දැක්වීම හා ජාතික සහයෝගීතා යාන්ත්‍රණය පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් විශ්වවිද්‍යාල සිසුවියන් 25 දෙනෙකු පමණ සඳහා 2025 දෙසැම්බර් මස 15 වන දින කොළඹ දී පැවැත්විය. මෙම සැසියෙහි සම්පත්දායිකාවක් ලෙස මනෝචිකිත්සක උපදේශිකා වෛද්‍ය වින්ද්‍යා විජේබණ්ඩාර ද හිතවතී සමඟ සම්බන්ධ විය.




