අවසන් වරට යාවත්කාලීන කලේ 2025/12/18
2025 දෙසැම්බර් 20, හයවන වෙළුම – 12 වෙනි කලාපය

ලිපිය
මේක නම් බලන්න එපා…

ටෙලිග්‍රෑම් කියන්නේ මිලියන ගණනක් දෙනා අදහස් / තොරතුරු බෙදා ගැනීමට හා සමූහයන් ලෙස එකතු වීමට භාවිත කරන ජනප්‍රිය ඇප් එකකි.
නමුත් ටෙලිග්‍රෑම් හි සියල්ලම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නොවේ. විවිධ වංචාකරුවන් විසින් මෙය මුදල් / පුද්ගලික දත්ත සොරකම් කිරීමට සහ ව්‍යාජ දීමනා / දිනුම් ඇදීම් ආදියෙන් පුද්ගලයින් රැවටීමට භාවිත කරයි.
සත්‍ය කතාව
නත්තල් තෑග්ග

පසුගිය දෙසැම්බර් මාසයේදී, අනීතා නත්තලට සූදානම් වෙන ගමන්, තෑගි මිලදී ගනිමින් පවුලේ අයව පුදුම කිරීමට සැලසුම් කරමින් හිටියේ.
ඒ අතරතුරේ එක් හවස් වරුවක, ඇගේ දුරකථනයට නොදන්නා අංකයකින් ඇමතුමක් ආවා. නොදන්නා අංකයක් නිසාවෙන් ඇය එම ඇමතුම නොසලකා හැරිමට උත්සහ කළත් කුතුහලය නිසාම ඇය ඇමතුමට පිළිතුරු දුන්නා.




