අවසන් වරට යාවත්කාලීන කලේ 2026/03/20

2026 මාර්තු 20, හත්වන වෙළුම – 03 වෙනි කලාපය

මාසික සඟරාව

ලිපිය

කාන්තාවන්ගේ අවධානයට…

කාන්තා දිනයෙන් කියන්නෙම ඇයගේ ශක්තිය ගැන.

අත් නොහරින ධෛර්යය ගැන.

ඇය කොයිතරම් දුරක් ඇවිල්ලද වගේම තව ඇයට කොච්චර දුර යන්න පුළුවන්ද කියලා දැනෙන්න සමරන දවසක්.

අපි මේ විදියට ගැහැණියකගේ ශක්තිමත් බව සමරනකොට, වංචාකරුවන්ට ඒක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. කාන්තා දිනය වගේ වටිනා දවස් ගැන හැමෝම හරිම උවමනාවෙන් කතාවෙනවා කියලා එයාලා දන්නවා. ඉතින් එහෙම දවස්වලට වෙනස් වෙනස් කූට උපක්‍රම වලින් ඔවුන් ඔයා ළඟට එනවා.

සත්‍ය කතාව

සුදු-කළු-අළු හෙවණැලි

මරියා පරිගණක විද්‍යා උපාධිධාරිණියක්. නමුත් මේ කාලයේ රැකියාවක් හොයන එක නම් එයාට මානසික පීඩනයක් වෙලා තිබුණේ. ලින්ක්ඩ්ඉන් (LinkedIn) එකේ එයාගේ යාළුවෝ පෝස්ට් කරන අලුත් ‌ජොබ් වල විස්තර වගේම ජයග්‍රහණ දකිද්දී මරියාට තවත් දුක හිතුණා.

එක හැන්දෑවක, ප්‍රසිද්ධ තාක්ෂණික සමාගමක බඳවා ගැනීමේ නිළධාරියෙක් විදියට පුද්ගලයෙක්ගෙන් මැසේජ් එකක් ආවා. ඒ පුද්ගලයා මරියා කරලා තිබුණ ව්‍යාපෘති ගැන හරියට වර්ණනා කළා. ඒ කතාවෙන් පස්සේ ඔහු ඇයට දවස් දෙකක් ඇතුළත ඉන්ටර්වීව් එකකට සම්බන්ධ වෙන්න කිව්වා.

සම්පූර්ණ කතාව කියවන්න

පසුගිය වැඩසටහන්

සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම

කොළොන්නාව ටෙරන්ස් එන්. ද සිල්වා මහා විද්‍යාලයේ දී (2026-02-11)

සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම

වැල්ලම්පිටිය ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ දී (2026-02-12)

නව යොවුන් දරු දැරියන් සඳහා වැඩමුළුව

කොලොන්නාව ශාන්ති මාර්ගම් මධ්‍යස්ථානයේ දී (2026-02-19)