අවසන් වරට යාවත්කාලීන කලේ 2026/03/26

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 මාර්තු 16 වැනි දින ගම්පහ යටියන නැණසල මධ්‍යස්ථානයේ හිතවතී නියෝජනය කරන ස්වේච්ඡා සම්පත් දායක මහතෙකු විසින් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. යටියන නැණසල මධ්‍යස්ථානය මඟින් මෙම සැසිය සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 112 ක් පමණ සහභාගී වූහ.