අවසන් වරට යාවත්කාලීන කලේ 2026/11/19

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 නොවැම්බර් 16 වැනි දින මාතර, රුහුණු විශ්වවිද්‍යාලයේදී හිතවතී කණ්ඩායම විසින් පවත්වන ලදී. මෙම සැසිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සාධාරණත්වය (CGEE) සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (SGBV) ඇතුළු නවක වධය වැළැක්වීමේ මධ්‍යස්ථානය සමඟ හවුල්කාරීත්වයෙන් සංවිධානය කරන ලදී. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු ඇතුළුව පළමු වසරේ සිසුන් 171 දෙනෙකු පමණ මෙම සැසිය සඳහා සහභාගී වූහ.

ඡායාරූප හිමිකාරීත්වය: ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සාධාරණත්වය පිළිබඳ මධ්‍යස්ථානය – රුහුණු විශ්වවිද්‍යාලය