අවසන් වරට යාවත්කාලීන කලේ 2021/10/01

“පරිගණක ක්‍රීඩා සහ ආරක්ෂාව “ වෙබිනාර් වැඩසටහනට සහභාගී වූ අය විසින් අසන ලද ප්‍රශ්න කිහිපයක් සහ සම්පත් දායක ප්‍රියදර්ශන විසින් ඊට ලබා දුන් පිළිතුරු.

දැන් ඉන්න අම්මල තාත්තල තමන්ගේ පුංචි කාලයේ මොනවද කරේ? පාසල් ගිහින් ආව ගමන් එලියට බැහැල යාළුවො එක්ක දිව්ව. ඔයාලගෙ අම්මල බනින කං Cricket නැත්නම් වෙනත් සෙල්ලම් කරා. ඒ කාලයේ තිබුන නිදහස, ආරක්ෂාව දැන් ළමයින්ට, ඔයාගෙ දරුවට තියෙනවද? නැත්නම් පාසල් ගිහින් ආවම ගේ ඇතුලෙමද? COVID තත්වයත් එක්ක දැන් ළමය පැය 24ම ගෙදර. අම්මලත් ගෙදර. එලියට බහින්න නටන්න බැහැ.

එහෙමනම් එයාලට ටිකක් සෙල්ලම් කරන්න Phone එක දුන්නට – පරිගණකය දුන්නට කමක් නැහැ. නමුත් එය දරුවා සහ ඔයා අතර අවබෝධයක් ඇතුව සීමා සහිතව දෙන්න. මග පෙන්වන්නෙකු වෙන්න. යාළුවෙක් වෙන්න.

PC එක හෝ Mobile එකෙන් Gmail හෝ වෙනත් Email එකකට Log වීම ගැටළුවක් නැහැ. නමුත් PC එක තුලට Cracked Games – Software ලබාගන්නව නම් ඒ හරහා hack වීමේ අවධානමක් තිබෙනව. එවිට Facebook – Gmail මේ සියල්ලම වෙනත් කෙනෙකුට ගන්න පුළුවන්.

Video Game එක Play කරන්නෙ Mobile ද PC ද Console ද කියන එක අනුව ඇබ්බැහි වීමෙ වෙනසක් නැහැ. කෑම, මත්පැන්, දුම්වැටි, සහ තවත් බොහෝමයක් දේවල් වගේම මේ ඇබ්බැහි වීම ඕනම දෙයකින් වෙන්න පුළුවන්.

ඔබේ Account එක mail එක වෙනත් තැනකින් log වෙන්න උත්සහ දරනව කියන පණිවිඩය ලැබුනොත් – බැංකු ගිණුමේ ඔබ නොදැන ගනුදෙනු වෙනවනම් – එහෙම සැක කරන්න පුළුවන්.

Live Streamer කෙනෙකුට සීමාවක් නැහැ. මිනිසා කියන නිර්මාණශීලී පුද්ගලයට ඕනම Creative දෙයක් කරන්න නිදහස තියෙනව. කොහොම උනත් අදාල Streaming Platform තුල මේ සදහා සීමාවන් තිබෙනව. නිරුවත් පෙන්වීමට නොහැකි බව, අසභ්‍ය වචන භාවිතා කල නොහැකි වීම ආදිය මීට ඇතුලත්.

තමන් ආදායමක් ලබන්නෙ නැත්නම් – Game එකක් තුල දේවල් මිලදී ගැනීම නොකර සිටීමට හුරුවීමයි හොදම දේ. ඔබට කිසිම විදිහකට ප්‍රතිඵල නැති දෙයකට මුදල් නාස්ති කරන්නෙපා.

මුදල් ගෙවා ලබාගන්නා VPn සේවයක් පමණක් භාවිතා කිරීම ණුවනට හුරුයි. නොමිලේ ලබාදෙන VPn හරහා Ads පෙන්වීම වගේම අපේ දත්ත ඔවුන් ලබා ගැනීම පවා කරන්න පුළුවන් කම තියෙනව.

තෙවන පාර්ශව වලින් (Google Play store – Apple App store) නැතිව File ලබාගැනීමේදී මේ හරහා Security Check එකක් නොවන නිසා දැඩි අවධානමක් තිබෙනව.

නැහැ. ඕනෑම වයසක, තරාතිරමක කෙනෙකුට Content Creator කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ පාසල් යන වයසේ පසුවෙන්නෙක් නම් එයට කාලය කැප කිරීමට පෙර හොදින් ඉගෙන ගැනීමයි වැදගත්ම දේ.

ඔව්. දෙරණ රූපවාහිනී නාලිකාවට මෙන්ම ලෝකය පුරාම Youtube Channel වලට මෙවැනි ප්‍රහාර එල්ල වෙනව.