අවසන් වරට යාවත්කාලීන කලේ 2022/09/07


කුකීස් කියන්නේ මොනවාද?

  • ඒවා කුඩා පද සහිත ගොනු (text files) වේ
  • මේවා ඔබ භාවිතා කරන උපාංගය වෙත ඔබ පිවිසෙන වෙබ් අඩවිය මගින් එවනු ලැබේ
  • භාවිතා කරන්නා විසින් ඒවා පිළිගත (accept) හෝ ප්‍රතික්ෂේප (decline / reject) කළ හැක

කුකීස් පිළිගත්තොත් මොකද වෙන්නේ?

  • ඒවා ඔබ භාවිතා කරන උපාංගයේ වෙබ් බ්‍රවුසරයේ ගබඩා වේ
  • කුකීස් වලට ඔබගේ බ්‍රවුසරය හරහා දත්ත පසු පස යෑමට (ට්‍රැක් කිරීමට) හැකි වන අතර රැස් කිරීමට ද හැක
  • එකතු කරන ලද දත්ත වෙබ් අඩවි හිමිකරු වෙත ආපසු යවනු ලැබේ

කුකීස් පිළිගැනීම නරක දෙයක්ද?

  • එය වෙබ් අඩවිය මත රඳා පවතී
  • ඔබගේ දත්ත වෙත ප්‍රවේශ වන්නේ කවුරුන්ද, ඔවුන් ඒවා සමඟ සැබවින්ම කරන්නේ කුමක්ද සහ කුකීස් පිළි නොගැනීම තුලින් ඔබ පිවිසීමට අදහස් කරන වෙබ් අඩවියට පිවිසිය නොහැකි පරිදි ඔබව වළක්වන්නේද යන්න මත රඳා පවතී.

කුකීස් පිළිගන්නා ලෙස වෙබ් අඩවි ඔබෙන් ඉල්ලා සිටින්නේ ඇයි?

මෙයට හේතුව 2018 මැයි මාසයේදී පනවන ලද යුරෝපීය සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (GDPR) ලෙස හැඳින්වෙන දත්ත රහස්‍යතා ආරක්ෂණ නීතියයි. ඒ අනුව, වෙබ් අඩවිවල හිමිකරුවන් විසින් දත්ත එකතු කිරීම සඳහා වන කුකීස් පරිශීලකයින්ගේ බ්‍රව්සර්වල ගබඩා කිරීමට පෙර පරිශීලකයින්ගේ අවසරය ලබා ගත යුතුය.

ඔබ කුකීස් පිළිගත යුතුද?

කුකීස් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තීරණය කිරීමේදී, ප්‍රධාන කරුණු දෙකක් ගැන සැලකිලිමත් විය යුතුය.

  • කුකීස් පිළිගැනීම අනිවාර්යද? නැත, ඔබ කුකීස් පිළිගත යුතු නැත. GDPR වැනි රීති නිර්මාණය කර ඇත්තේ ඔබේ දත්ත සහ ඔබ පිවිසි වෙබ්අඩවිවල (බ්‍රවුසිං) ඉතිහාසය පාලනය කිරීම සඳහා ඔබටම අවස්ථාව ලබා දීමටයි.
  • ඔබ කුකීස් පිළිගන්නේ නැත්නම් කුමක් සිදු වේද? වෙබ් අඩවි හිමිකරුවන් ඔබට වෙබ් අඩවිය භාවිතා කිරීමට ඉඩ නොදිය හැකි අතර සමහර වෙබ් අඩවි සම්පූර්ණ පරිශීලක අත්දැකීම වළක්වමින් එහි සියලුම අන්තර්ගතයන් වෙත ප්‍රවේශ වීමට ඉඩ නොදෙනු ඇත.

කුකීස් හරහා රැස් කරන දත්ත වර්ග සහ කුකීස් පිළිගැනීමෙන් ඇති වන වාසි මෙන්ම අවාසි පිළිබඳව අපගේ ඊළඟ ලිපියෙන් කියවන්න.

මූලාශ්‍රය: https://us.norton.com/internetsecurity-privacy-should-i-accept-cookies.html