අවසන් වරට යාවත්කාලීන කලේ 2021/07/21

වර්තමානයේ අපි අන්තර්ජාල අධ්‍යාපනයෙ යෙදී සිටිමු. වැඩට එලඹෙන ආකාරය, උපාය මාර්ග සැළසුම් කිරීම සහ කාර්යන් ක්‍රියාත්මක කිරීම යන ආකාරයන්හි සුසමාදර්ශී විතැන්වීමක් නැත්නම් වෙනස් වීමක් අද අපට දක්නට ලැබේ. සාම්ප්‍රදායික පන්ති කාමරයේ සිට මාර්ගගත මාදිලියට මාරුවීමේදී, නවතාවයකින් සිතීම, ආකල්ප වෙනස් කිරීම සහ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා උපායමාර්ගික සැළසුම් කිරීම අවශ්‍ය කෙරේ.

මාර්ගගත අධ්‍යාපනය
මාර්ගගත අධ්‍යාපනය ආරම්භ වීමත් සමග සංවර්ධනය, ඉදිරිපත් කිරීම, බෙදා හැරීම සහ ඇගයීම / පරීක්ෂා කිරීම සඳහා නව මෙවලම් / යෙදුම් මතු වී තිබේ. මාර්ගගත ඉගෙනීමේ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම මෙවලම් / යෙදුම් පිළිබඳ හොඳ අවබෝධයක් සහ ඉගෙනුම් පරිසරයේ සිදුවන වෙනස්කම් ඉතා වැදගත් වේ. මාර්ගගත ඉගෙනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා වන වඩාත් ජනප්‍රිය යෙදුම ‘සූම්’ (Zoom) වේ. මෙහිදී සිසුන්ට ගුරුවරුන් සමග ඍජුවම සම්බන්ධ විය හැකිය. (කරුණාකර මෙවලම් සඳහා අදාළ කොටුව බලන්න)

ශිෂ්‍ය ගුරු සම්බන්ධතාවය
මාර්ගගත ඉගෙනුමේ වැදගත්ම වෙනස වන්නේ ශිෂ්‍ය ගුරු සම්බන්ධතාවයයි. සාම්ප්‍රදායික පන්ති කාමරයේ ගුරුවරයා ඉහළ මට්ටමකින් තොරතුරු ඉදිරිපත් කරන අතර ශිෂ්‍යයා අක්‍රීය ග්‍රාහකයාවේ. කෙසේ වෙතත්, මාර්ගගත ඉගෙනීමේදී මෙම තත්වය වෙනත් මගක් ගනු ලබයි. ශිෂ්‍යයා ස්වයං ඉගෙනුම් ස්ථාවරයක් ගන්නා අතර ගුරුවරයා පහසුකම් සපයන්නෙකු බවට පත්වේ. මේ අනුව, ශිෂ්‍යයාගේ කාර්යභාරය ‘අක්‍රීය ප්‍රතිග්‍රාහකයාගේ’ සිට ස්ථිර ‘ස්වයං ඉගෙනුම ලබන්නා’ දක්වා වෙනස් වන අතර ගුරුවරයා ‘වේදිකාවේ සිටින් ප්‍රාඥයා’ තත්වයේ සිට ‘පසෙකින් සිට මග පෙන්වීම’ දක්වා වෙනස් වේ.

නව භූමිකාව තුළ ගුරුවරයා, කටහඬ සහ තෝරා ගැනීම යන ක්‍රියාවන් සමඟ සිසුන් සම්බන්ධ කර ගත යුතුය. ප්‍රශ්න අසන්න! හාස්‍යය භාවිතා කිරීමට බිය නොවන්න. ඔබෙන් ඉගෙනුම ලබන්නන් දහසක් සජීවීව සම්බන්ධවී තිබුනත්, ඔවුන් තනි පුද්ගලයින් ලෙස සළකන්න. පින්තූර වලින් සපිරි සිත්ගන්නාසුළු ඉදිරිපත් කිරීම් සමග ඔබේ පරිගණක තිරය සිසුන් සමඟ බෙදා ගන්න. කටහඬ පමණක් භාවිතා කිරීමෙන් ශිෂ්‍යයා විසින් පණිවිඩය සිතේ රඳවා තබා ගැනීම වළක්වනු ලබයි.

අන්තර්ගතය ඉදිරිපත් කිරීමේ මෙවලම්
මෙවලමක් ලෙස පවර්පොයින්ට් (PowerPoint) අන්තර්ගතය ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කරයි. ගුරුවරයා තිරයේ දිස්වීම තුළින් ශිෂ්‍යයාගේ අන්තර්ගතය උකහා ගැනීමේ හැකියාව වැඩි දියුණු වන බව පිළිගනු ලැබේ. මෙම පහසුකම සපයන Prezi යෙදුම වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙයි.

අන්තර්ගතය සංවිධානය කිරීම
අධ්‍යාපනිම අන්තර්ගතය ඉගෙනුම් කළමනාකරණ පද්ධතියකට (LMS) උඩුගත (upload) කරනු ලැබේ. එල්එම්එස් යනු අධ්‍යාපන පාඨමාලා, පුහුණු වැඩසටහන්, ඉගෙනුම් හා සංවර්ධන වැඩසටහන් පරිපාලනය, ලේඛනගත කිරීම, සෙවීම, වාර්තා කිරීම, ස්වයංක්‍රීයකරණය සහ බෙදා හැරීම සඳහා වූ මෘදුකාංග යෙදුමකි. එම ඉගෙනුම් කළමනාකරණ පද්ධති හරහා ක්‍රමවේදය ක්‍රියාත්මක වේ. මෙම යෙදුම මගින් සිසුන්ට ප්‍රවේශ වීමට සහ ඉගෙන ගැනීම සඳහා අන්තර්ගතය උඩුගත කිරීමට ගුරුවරුන්ට හැකියාව ලැබේ. අනෙක් පහසුකම් අතර, වැදගත් නිවේදන, මොඩියුල, පැවරුම්, සිසුන් ශ්‍රේණිගත කිරීම, උපදේශකයින් සහ සගයන් සමග අසමමුහුර්ත සංවාදයක් (asynchronous conversations) සඳහා සාකච්ඡා මණ්ඩල සහ තත්‍ය කාලීන කතාබස්(real time chats) ඇතුලත් වේ.

මාර්ගගත විභාග (Online exams)
විභාග වලදී සිසුන්ගේ විශ්ලේෂණාත්මක චින්තනය භාවිතා කීරීම අවශ්‍ය වන අවස්ථා වලට මාර්ගගත විභාග වලදී සීමාවන් ඇත. “විවෘත-පොත් විභාග” මඟින් විභාගවලදී සටහන් / පෙළ පොත් කියවා පිළිතුරු ලිවීමට සිසුන්ට ඉඩ ලබා දේ. එය ආවර්ජණය සඳහා කාලය ලබා දෙන අතර විශ්ලේෂණාත්මක චින්තනය දිරිමත් කරයි. මෙම සංකල්පය මගින් සිසුන්ගේ දනුම, අවබෝධය සහ විවේචනාත්මක චින්තන කුසලතා පරීක්ෂා කිරීමට ගුරුවරුන්ට ඉඩ ලබා දේ. ඊට අමතරව, එය අර්ථවත් කිරීම සඳහා අභිමුඛ පරීක්ෂණ ඊට අනුබද්ධ කළ යුතුය.

මාර්ගගත ආචාර ධර්ම
මාර්ගස්ථ අධ්‍යාපනයේ සදාචාරාත්මක ගැටළු පැන නගින්නේ ගුරුවරුන්ගේ හා සිසුන්ගේ සංස්කෘතික හා සමාජ පසුබිම්වල වෙනස්කම් නිසා ඒවා ඔවුන්ගේ හැසිරීම කෙරෙහි බලපාන බැවිනි. මාර්ගගත අධ්‍යාපනයේදී පිළිගත හැකි හැසිරීම් පිළිබඳ සම්මතයන් මත ඔවුන් තුළ සමබරතාවයක් ඇති කළ යුතුය. මූලික කාරණය නම් යමෙකු කටයුතු කළ යුත්තේ අනෙකාගේ ගෞරවයට හා ගරුත්වයට හානියක් නොවන අයුරිනි. උදා. මාර්ගගතව සිටින විට ඔවුන් ශිෂ්ඨ ලෙස භාෂාව භාවිතා කළ යුතුය.

සයිබර් තර්ජන සහ ආරක්ෂාව
අන්තර්ජාල අධ්‍යාපනය සාර්ථකව ක්‍රියාත්මක කිරීමේදී සයිබර් තර්ජන මගින් විශාල ගැටළු ඇති කරයි. එබැවින් සයිබර් ආරක්ෂාව සහතික කිරීම සඳහා සිදුවිය හැකි අන්තරායන් සහ භාවිතා කළ හැකි අධීක්ෂණ මෙවලම් පිළිබඳව ගුරුවරුන් සහ සිසුන් යන දෙපක්ෂයම දැනුවත්ව සිටීම අත්‍යවශ්‍ය වේ

  1. WIFI ජාලයට අනවසරයෙන් පිවිසීම
    බොහෝ WIFI ගිණුම් ස්ථාපනය කර ඇති විට පෙරනිමි ජාල නාමයක් හෝ සේවා කට්ටල හඳුනාගැනීමක් (SSID) දක්නට ලැබේ, එමගින් සමාගමේ නම රැගෙන යන සුපුරුදු SSID හැකර්වරුන්ට ඊට ඇතුළුවීමට උපකාරී වේ.පුද්ගලික තොරතුරු පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි ලෙස SSID එකක් වෙනස් කිරීම සැමවිටම ආරක්ෂිත වේ.
  2. තතුබෑම් විද්‍යුත් තැපෑල (Phishing – ඉ-මේල්)
    තතුබෑම් විද්‍යුත් තැපෑල (Phishingඉමේල්) යනු අනිෂ්ඨ ඇමුණුම් සහිත විද්‍යුත් තැපැල් වන අතර ඒවා ක්ලික් කළහොත් අනිෂ්ඨ මෘදුකාංග මුළු පද්ධතිය පුරාම පැතිරෙනු ඇත. විකල්පයක් ලෙස එකම ප්‍රතිඵලය සහිත විශේෂිත සබැඳියක් ක්ලික් කරන්නැයි ඔවුන් ඔබෙන් ඉල්ලා සිටිය හැකිය. සබැඳිය හඳුනාගත නොහැකි නම් එය මත ක්ලික් නොකරන්න. මේ පිළිබද වැඩිපුර දැන ගන්න මේ ලිපිය බලන්න.
  3. අනාරක්ෂිත අන්තර්ජාල සම්බන්ධතා
    නිවසේ WIFI සම්බන්ධතා භාවිතා කරමින් දුරස්ථව වැඩ කරන ශිෂ්‍යයින් සහ ගුරුවරුන් තම ජාල වෙත ප්‍රවේශ වන අනිෂ්ඨ අංග වලට නිරාවරණය වේ. තමන් භාවිතා කරන WIFI ජාලය පුද්ගලික(private) සහ ආරක්ෂිත බව සැමවිටම සහතික කරගන්න. ඔබේ WIFI හි – අනන්‍ය සංඛේත සහ අංක සහිත මුරපදයක් ඇති බවට සහතික කර සම්බන්ධතාවය ස්ථාපනය කළ විගසම රවුටරයේ සංකේතාංකන සැකසුම සක්‍රීය කරන්න.
  4. අනාරක්ෂිත වෙබ් අඩවි
    සිසුන් සහ ගුරුවරුන් තමන් පිවිසෙන වෙබ් අඩවිවල ආරක්ෂිත බව සහතික කළ යුතුය. URL එකක් “https” සමග ආරම්භ වුවහොත් වෙබ් අඩවිය ආරක්ෂිත යැයි තහවුරු කරනු ලැබේ, URL ආරම්භ වන්නේ “http” වලින් පමණක් නම් එය සහතික කර නොමැති අතර එවැනි වෙබ් අඩවි මත ක්ලික් කිරීමේදී ප්‍රවේශම් විය යුතුය.
  5. අනාරක්ෂිත යෙදුම් (Unsafe Apps)
    අනාරක්ෂිත යෙදුම් හැකර් ක්‍රියාකාරිත්වයේ අවදානක වැඩි කරයි. ඔබගේ ගිණුම් ආරක්ෂිතව තබා ගැනීම සඳහා මෙවැනි අනාරක්ෂිත යෙදුම් සඳහා පූරනය වීම අවහිර කිරීම හොඳ පුරුද්දකි.

සියල්ලටම වඩා ඔබේ උපාංග සොරුන්ගෙන් ආරක්ෂිතව තැබීමට වග බලා ගන්න.

සිසුන් සඳහා අමතර උපදෙස්

  1. මාර්ගගතව ඉගෙනීමේදී අවධානය වෙනතකට යොමු කිරීම – වෙනත් අධ්‍යාපනික නොවන වෙබ් අඩවි, ක්‍රීඩා (computer games) ආදිය වෙත යාමෙන් වළකින්න. කෙසේ වෙතත්, ඔබේ අධ්‍යාපනයේ අරමුණු සඳහා ප්‍රයෝජනවත් විය හැකි විවිධාකාර තොරතුරු වෙත පිවිසීමට අන්තර්ජාලය අවස්ථාව ලබා දෙයි. අන්තර්ජාලයේ සැරිසරන අතරතුර තෝරා බේරා කටයුතු කිරීමට ඉගෙන ගන්න.
  2. වංචා, සයිබර් හිරිහැර (scam and cyber harassment) ආදිය සමග සම්බන්ධවීමට ඔබව පොළඹවන නුහුරු ඊමේල් මත ක්ලික් කිරීමෙන් වළකින්න.
  3. ජංගම දුරකථන / පරිගණක වලට ඇබ්බැහි වීමෙන් වළකින්න. ඔබ මෙම උපාංග භාවිතා කිරීමේදී සමබරතාවයක් ඇති කර ගන්න.

තවත් විස්තර දැනගන්න මේ ලිපි බලන්න : https://www.hithawathi.lk/help-centre/childrens-guide/

ගුරුවරුන් සඳහා අමතර උපදෙස්

ඔබ ලොග්-ඉන් මුරපද ලබා දෙන්නේ කාටද යන්න ගැන සැළකිලිමත් වන්න. ඔවුන් ද්වේෂ සහගත චේතනාවෙන් කටයුතු කරන භයානක පුද්ගලයින් විය හැකිය.

වැඩිහිටියන් සහ දෙමාපියන්ට කියවීම සඳහා මේ ලිිපි බලන්න: https://www.hithawathi.lk/help-centre/parents-guide/