අවසන් වරට යාවත්කාලීන කලේ 2025/08/20
ඔයා අනිවාර්යයෙන්ම ATM එකක් පාවිච්චි කරලා තියනවා නේද? පෙට්‍රල් ගහද්දි හරි කඩේකදි හරි කාඩ් එක පාවිච්චි කරලා තියනවා නේ?💳
එහෙනම් මේක ඔයාට හරිම වැදගත්!
මේ දවස්වල ගොඩක් වංචනිකයින් (scammers) හරිම සූක්ෂම විදියට ඔයාටත් නොදැනෙන්න ඔයාගෙ කාඩ් විස්තර හොරකම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒකට වැඩිපුරම භාවිත කරන උපක්රමයට “Skimming (ස්කිමිං)” කියලා කියනවා.
ATM Skimming කියන්නෙ මොකක්ද?
ඔයාගෙ කාඩ් විස්තර හා PIN (රහස්‍ය අංක) සොරකම් කරන අරමුණින් වංචනිකයින් ATM / කාඩ් මැෂින් වලට ව්‍යාජ උපාංග (fake devices) සවි කිරීමෙන් Skimming සිදු වේ.
කොහොමද මේක කරන්නෙ?
- කාඩ්පත් ඇතුළු කරන තැනට (card slot) ව්‍යාජ උපාංගයක් දාලා, කාඩ් විස්තර කියව (read) ගන්නවා.
- සැඟවුණ කැමරාවක් (hidden camera) හෝ ව්‍යාජ යතුරු පුවරුවක් (fake keypad) මඟින් ඔයා ටයිප් කරන PIN බලාගන්නවා.
- ඉන් පස්සේ ඒ විස්තරෙන් ඔයාගෙ කාඩ් එකේ පිටපතක් (clone) හදලා, සල්ලි හොරකම් කරනවා.
ඔයාට කිසිම දේක වැරැද්දක් පේන්නෙ නැති වෙන්න පුළුවන්, හැබැයි එතකොට පරක්කු වැඩි වෙන්නත් පුළුවන් 😰
🛡️ ආරක්ෂා වෙන්නේ කොහොමද?
✅ මැෂින් එක බලන්න – බුරුල්ව අමුතු හෝ වෙනස් විදිහේ දේවල් තියෙනවද බලන්න.
✅ PIN එක ටයිප් කරන විට අතින් වසන්න – සැඟවුණ කැමරාවලින් ආරක්ෂා වෙන්න.
✅ ඇතුළේ තියෙන හෝ බැංකුවල ATM භාවිත කරන්න – ඒවා ආරක්ෂිත මෙන්ම අධීක්ෂණය වෙලා තියෙනවා.
✅ කාඩ් එකට අවධානය දෙන්න – swipe කරන විට විමසිලිමත් වෙන්න.
✅ SMS alerts (දැනුම්දීම්) ක්‍රියාත්මක කරගන්න – ගනුදෙනු වහාම දැනගන්න.
✅ Statements නිතරම බලන්න – සැක සහිත ගනුදෙනු හඳුනාගන්න.
ATM එකෙන් සල්ලි ගන්නකොට, විමසිල්ලෙන් හිටියොත් ඔබේ මුදල් රැකගන්න පුළුවන්! 💳🔐
මේකත් පොඩ්ඩක් බලන්න :
මූලාශ්‍ර:
https://www.memcyco.com/card-skimming-methods/
https://www.bankrate.com/banking/what-is-atm-skimming/