අවසන් වරට යාවත්කාලීන කලේ 2025/11/18

කිසි විටෙකත් පින්තූරයක් හෝ වීඩියෝවක් ඉක්මනින් විශ්වාස කරන්න එපා.

දැන් කෘතිම බුද්ධි (AI) තාක්ෂණයට පුළුවන් කවදාවත් සිදු නොවුණු සිදුවීම් වල කවදාවත් නොසිටි පුද්ගලයින් පවා ඇත්තටම සිටියා වගේ ෆොටෝ, වීඩියෝ නිර්මාණය කරන්න.

මේ AI නිර්මාණ භාවිතා කරලා විවිධ වංචා (ස්කෑම්), වැරදි තොරතුරු ප්‍රචාරණය හා වෙනත් අය ලෙස පෙනී සිටීම වගේ දේවල් සිදු කරන්න පුළුවන්.

ඉතින් ඔයා කොහොමද ඔයාව ආරක්ෂා කරගන්නේ??

 

ව්‍යාජ / AI වලින් සැකසූ රූප හඳුනා ගැනීමට සරල ක්‍රම 6ක් මෙන්න:

 

1. ඔයාගේ මොළය (සාමාන්‍ය බුද්ධිය) පාවිච්චි කරන්න

පින්තූරය බලන විට ඕනවට වඩා සම්පූර්ණයි (perfect) වගේ හැඟෙනවනම් හෝ මොකක් හරි වැරදි දෙයක් ඇති බව හැඟේනම් ඒ හැඟීම පිළිබඳව විශ්වාස කරන්න.

ඔයාගේ මොළය ඔයා හිතනවට වඩා අස්වාභාවික දේවල් හඳුනාගන්න දක්ෂයි.

පින්තූරය දකින විට “ඉන්න… මොකක්හරි අමුත්තක් තියෙනවා” වගේ දෙයක් හිතෙනවා නම්, වේලාව අරන් කල්පනා කරලා බලන්න.

 

2. අත් දිහා බලන්න

තාමත් AI වලින් නිර්මාණය කළ අත් වල ගැටලු පවතී.

පොදු ලක්ෂණ:

  • වැඩිපුර ඇඟිලි
  • ඇඟිලි අතුරුදහන් වී තිබීම.
  • ශරීර හැඩවල දියවුණු ස්වාභාවය
  • ශරීර කොටස් වල අමුතු නැමීම් තිබීම
  • නියපොතු වැරදි දිශාවට වැවී තිබීම

අත් අමුතු විදියට වගේ තියනව නම්, බොහෝවිට එය AI වලින් සැකසූ එකක් වෙන්න පුළුවන්.

 

3. ඇස් දිහා බලන්න

ඇස් බොහෝ විට ව්‍යාජ බව (බොරුව) පෙන්වනවා.

පරීක්ෂා කරන්න:

  • ඇස්වල කළු බෝල අසමානයි
  • ඇස්වල පිහිටීම අස්වාභාවිකයි (සමමිතික නෑ)
  • ඇස්වලින් එන අමුතු එළිය
  • ඇස් දෙකේ බැල්ම වෙනස් දිශා වෙත
  • ඕනාවට වඩා දිලිසෙන ඇස්

ඇත්ත ඇස් අඛණ්ඩව ආලෝකය පරාවර්තනය කරයි. AI බොහෝ විට මෙහිදී අසාර්ථක වේ.

 

4. ශරීර කොටස්වල සමානතාවයන් පරීක්ෂා කරන්න

AI සමහර විට අවස්ථා, ශරීර කොටස් සහ පසුබිම් වැරදි ලෙස මිශ්‍ර කරලා තියෙනවා.

පරීක්ෂා කරන්න:

  • ඔළුව විශාල වී තිබීම
  • උරහිස් කුඩාවට තිබීම
  • බෙල්ල ඉතා සිහින් හෝ ඉතා දිගුව තිබීම
  • පසුබිම සමඟ මිශ්‍ර වන අමුතු හිසකෙස්
  • පාවෙන අත් හෝ ඒවා වටපිටාවේ දේවල් සමඟ බැඳී තිබීම

අසමානතා තියෙන බව හැඟේ නම්, පරීක්ෂාකාරී වන්න.

 

5. ලියා ඇති අකුරු දෙස බලන්න

පින්තූර තුළ AI වලට හොඳින් අකුරු ලිවිය නොහැක.

සංඥා:

  • අක්ෂර වින්‍යාස දෝෂ
  • අහඹු අකුරු
  • විකෘති වූ අකුරු
  • හැඩය වෙනස් වූ අකුරු

පින්තූර වල ඇති වීදි සංඥා වලින්, පුවත්පත් සහ නිෂ්පාදන වල ලේබල් වලින් බොහෝවිට වෙනස හඳුනාගත හැක.

 

6. සියල්ලම සම්පූර්ණව ඇතිදැයි පරීක්ෂා කරන්න.

සැබෑ ඡායාරූපවල අඩුපාඩු තිබේ.

නමුත් AI පින්තූර සම්පූර්ණව තියෙනවා:

  • පිරුණු/පැහැදිලි සම
  • සිදුරු/කැළැල් නැත
  • පරිපූර්ණ සිනිඳු හිසකෙස්
  • ඇත්ත පින්තූර වල සෙවනැලි තිබිය යුතු නමුත් AI පින්තූරවල සෙවනැලි නැත
  • පාරවල් වල ගත් ඡායාරූප වල පවා ස්ටුඩියෝ එකක වගේ ආලෝකකරණය

ඇත්ත මිනිසුන්ගේ අසම්පූර්ණකම් තිබේ. නමුත් AI බොහෝ විට එම අසම්පූර්ණකම් ඉවත් කර සම්පූර්ණ කරයි..

 

AI පින්තූරයක්ද යන්න හඳුනාගැනීමට මෙවලම් තිබේ.

ඔබට පින්තූරයක් ගැන විශ්වාස නැත්නම්, එය සත්‍යාපනය (තහවුරු කර ගැනීම) සඳහා ඔබට AI හඳුනාගැනීමේ මෙවලම් ද භාවිතා කළ හැකිය.

AI or Not, Illuminarty, Hugging Face AI Image Detector, හෝ Google Lens වැනි නොමිලේ මෙවලම් මඟින් රූපයක් AI විසින් නිර්මාණය කර තිබේද නැතහොත් අන්තර්ජාලයේ වෙනත් තැනක තිබෙන එකක්ද යන්න පහසුවෙන් දැනගැනීමට ඔබට හැකිය.

මෙම මෙවලම් හොඳම සම්පූර්ණම ඒවා නොවේ, නමුත් ඒවාට ප්‍රයෝජනවත් යම් යම් ඉඟි ලබා දිය හැකිය. විශේෂයෙන්ම ඔබේ ඇස් වලින්ම පරීක්ෂාකාරීව බැලීම සමඟ ඒකාබද්ධ වීමේදී.

 

කවදාවත් පින්තූර හෝ වීඩියෝ විශ්වාස කිරීමට හදිසි වෙන්න එපා.

 

මූලාශ්‍ර:

https://www.mcgill.ca/oss/article/critical-thinking-technology/how-spot-ai-fakes-now

https://youtu.be/q5_PrTvNypY