අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

ටොම් සවයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීමට ගිය පසු ඔහුට දැක ගත හැකි වූයේ පහත පණිවුඩය පමණි,

කණගාටුයි
මේ සඳහා ඔබේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නොවේ.

එම තත්ත්වය අදහාගත නොහැකි වූ ඔහු, බැංකුවට කතා කර ඒ පිළිබඳ පරීක්ෂා කරන මෙන් ඉල්ලා සිටියා. ඔහු විසින් අවසන් වරට මුදල් ලබා ගත් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් දෙවරක් මුදල් ලබා ගෙන ඇති බවට බැංකුව කළ දැනුම් දීම ඔහුගේ විමතියට කරුණකි. මන්ද යත් එම ස්ථානයේ පිහිටි ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ලබා ගත්තේ එක් වරක් බව ඔහුට ඉතා විශ්වාසය.

ඉන්පසු ඔහු තම මිතුරෙකුට දුරකථන ඇමතුමක් දී සිදු වූ දේ පැහැදිලි කළා. අපරාධ කාරණා පිළිබඳව යම් දුරකට දැන සිටි මිතුරා, ව්‍යාජ කාඩ්පත් සකසා මුදල් ආපසු ලබා ගැනීමේ අරමුණින්, කාඩ්පත් තොරතුරු සහ ඒවායේ රහස්‍ය අංක (pin numbers) ලබා ගැනීම සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල (ATM) ඉහළ කොටසේ, කාඩ්පත් ඇතුළු කරන උපාංගයේ සහ යතුරු පුවරුවේ (pin pad) කැමරා සහිතව ස්කිමිං උපකරණ සවි කිරීමේ ජාවාරම ගැන ඔහුව දැනුවත් කළා.

පූර්ව ආරක්ෂක උපදෙස්:ශාඛා තුළ පිහිටි ATM යන්ත්‍ර භාවිතා කරන්න.
කාඩ්පත් ඇතුළු කරන උපාංගය සහ යතුරු පුවරුව මත ස්කිමිං (ඒවාට උඩින් අලවා ඇති නිසා පහසුවෙන් ගැලවිය හැකි) උපකරණ සවිකර තිබේදැයි සොලවා පරීක්ෂා කර බලන්න.
ඔබගේ රහස්‍ය අංකය ටයිප් කරන විටදී අනෙක් අතින් යතුරු පුවරුව ආවරණය කරන්න.