අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

එක් දිනක් ලයන්ගේ වයස අවුරුදු 65 ක් වූ මවගේ දුරකථනයට පහත දැක්වෙන පණිවුඩය ලැබුණා.

Translation
සුභ පැතුම්!!
ජාත්‍යන්තර බැලොට් අවොර්ඩ් වැඩසටහනට ඔබේ දුරකථන අංකය තේරී ඇති අතර ඔබ ඩොලර් 700,000/- ජයග්‍රහණය කර ඇත. වැඩි විස්තර සහ ඔබේ ත්‍යාගය ලබා ගැනීම සඳහා අමතන්න. info.win@viberballoting.com

ඇය, කිසිවෙකුත් තමන්ව රවටයි කියා කවදාවත් සිතීමට අකැමැති චරිතයකි. එබැවින්, ඇයගේ වාසනාවන්ත අංකය, ඊනියා ලොතරැයිය දිනා ගත් බව විශ්වාස කළ අතර, අවශ්‍ය තොරතුරු යැවීමට විද්‍යුත් තැපැල් ලිපියක් සකස් කිරීමට නොදන්නා නිසා, ලයන් නිවසට පැමිණෙන තුරු බලා සිටියා.

ඔහු ගෙදර පැමිණි වහාම ඔහුව පුදුමයට පත් කිරීමට ඇය සියලුම විස්තරය කිව්වා. අවාසනාවට මෙන්, ඔහුගේ ප්‍රතිචාරය වූයේ,

අම්මේ, අහු වෙන්න එපා! මේවට කියන්නේ ස්කෑම් කියලා.
මට මේ වගේ මැසේජස් ඕන තරම් ඇවිල්ලා තියෙනවා.
උන් ඔයාට සතයක්වත් දෙන්නේ නෑ, ඒත් ඔයා ඕකට උත්තර දෙන්න පටන් ගත්තොත් ඔයාගේ ළඟ තියෙන සල්ලි ටිකත් ගන්න ට්‍රයි කරයි!

පූර්ව ආරක්ෂක උපදෙස්: 
එම පණිවුඩවලට පිළිතුරු දෙන්න එපා.
එවැනි ස්කෑම් පණිවිඩ ලැබෙන දුරකථන අංකය අවහිර කරන්න.
නූගත් අයව රවටන ඒ ආකාරයේ පණිවිඩ තවදුරටත් ලැබීම නතර කිරීම සඳහා අදාළ අංශ වෙත වාර්තා කරන්න

එක්සත් රාජධානියේ මෑතකාලීන උදාහරණයක්:

Translation
ඔබේ වාහන බද්ද නැවත අය කර දීම ක්‍රියාත්මක කිරීම සඳහා පහත පෝරමය පුරවා අපට එවන්න. සාමාන්‍යයෙන් එයට DVLA ආයතනය සතියක කාලයක් ගනී.
අදියර 1: පුද්ගලික තොරතුරු

Source of the Image: https://www.dailymail.co.uk/news/article-5343821/Unsuspecting-motorists-duped-scam-texts.html