අවසන් වරට යාවත්කාලීන කලේ 2025/07/18
මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.
කසුන්ට xxx ඩිලිවරි ඇප් එක හරහා පාර්සලයක් භාර දෙන්න කියලා ඉල්ලීමක් ආවා. ඉතිං එයා පාර්සලය ගන්න ඇප් එකේ පෙන්වලා තිබුණ අදාළ තැනට ගියා. ඒත් කවුරුවත් පේන්න හිටියේ නෑ. ඊට පස්සේ ට්‍රිප් එක බුක් කරපු කෙනා කසුන්ට කෝල් කරලා හරි කලබලයෙන් මෙහෙම කිව්වා:
“අනේ අයියේ, ලොකු හදිසියක්. මට උදව්වක් ඕන. මට කෙනෙක්ට ඉක්මනට සල්ලි වගයක් යවන්න තියනවා. ඔයාට පුළුවන්ද ළඟම තියන කැෂ් ඩිපොසිට් මැෂින් එකට ගිහින් මේ ගිණුමට රු.1000 ක් දාන්න? මම ඔයාට අකවුන්ට් නම්බර් එක දැන් එවන්නම්. ඔයා ස්ලිප් එක මට එවන්නකො, මම රු.200 ක ටිප් එකක් එක්ක ඔයාට ඒ සල්ලි දෙන්නම්. අනේ කොහොම හරි මේක කරලා දෙන්න!”
කසුන් මේ පුද්ගලයාව විශ්වාස කළා, ඒ වගේම උදව් කරන එක හොඳයි කියලා එයාට හිතුනා. කසුන් මුදල් තැන්පත් කරලා ස්ලිප් එකේ පින්තූරයක් අරං වට්ස්ඇප් හරහා යැව්වා.
කෝල් කරපු පුද්ගලයා වට්ස්ඇප් මැසේජ් එක බලලාවත් තිබුණේ නෑ. කසුන් එයාට කෝල් කරාට, ඒකත් හරි ගියෙ නෑ. සෑහෙන්න වෙලාවක් බලාගෙන හිටියත් කසුන්ට පොරොන්දු වුණ සල්ලි නම් ලැබුණේ නෑ.
කසුන්ට රු.1000 ක් නැති වුණා; පස්සෙ තමයි එයාට තේරුම් ගියේ මේක වංචාවක් කියලා.
මේ කතාවෙන් අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන්?
- කිසි විටෙකත් ගනුදෙනුකරුවෙකු වෙනුවෙන් මුදල් යවන්නවත් ගෙවීම් කරන්නවත් එපා.
- ඇප් එකෙන් පිටත කිසිවෙකුටත් ATM ස්ලිප් හෝ ගෙවීම් විස්තර කිසි විටෙකත් යවන්න එපා.
- යමෙකු “මම පසුව ගෙවන්නම්” යැයි පැවසුවහොත් හෝ විශාල ටිප් එකක් පොරොන්දු වුණොත්, එය බොහෝ විට වංචනික උපක්‍රමයක් විය හැකියි.
- කුලී රථ ඇප් එකේ දක්වා ඇති උපදෙස් පමණක් අනුගමනය කරන්න.
- යම් කිසි අමුත්තක් දැනේ නම්, නැවතී සිතන්න. අවදානමක් ගන්න එපා.
ඔබේ රියදුරු මිතුරන්ට සහ කණ්ඩායම්වලට මේ ගැන කියන්න. බොහෝ රියදුරන් තවමත් මෙම වංචා සිදුවන බව දන්නෙ නෑ. අපි එකිනෙකා ආරක්ෂා වී අපගේ වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරමු.