අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/17

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

නිමාලි සහ අමාලි හොඳ යහළුවන් වන අතර ඔවුන් නිරන්තරයෙන් වට්ස්ඇප් හරහා තොරතුරු හුවමාරු කර ගනියි. දිනක් හදිසියේම අමාලි ගේ ජංගම දුරකථනයට නිමාලිගෙන් පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් වී තිබුණේ, “හායි අමාලි මම වෛද්‍යවරයකු හමුවීමට වෙන්කරා, වැරදීමකින් මම ඔයාගේ නොම්මරය තමයි දීලා තියෙන්නේ, ඔයාගේ ෆෝන් එකට Pin අංකයක් එයි, ඒ මැසේජ් එක චෙක් කරලා මට ඒ නොම්මරය එවනවද?”

අමාලි මේ ගැන දෙවරක් නොසිතා ඇගේ ජංගම දුරකථනයට ලැබී ඇති පණිවිඩය බලා එම පින් අංකය නිමාලි වෙත යවන ලදී.
සුළු වේලාවකින් පසුව නැවතත් අමාලි ඇගේ ජංගම දුරකථනය ගෙන සුපුරුදු පරිදි වට්ස්ඇප් පණිවිඩ පරීක්ෂා කිරීමට උත්සාහ කළද, ඈ පුදුමයට පත් වූයේ ඇයට ඇගේ වට්ස්ඇප් ගිණුමට ඇතුළු වීමට නොහැකි වීමයි.

සිදුවී ඇත්තේ, කිසියම් පුද්ගලයකු විසින් නිමාලි ගේ ජංගම දුරකථනය ගෙන ඇගේ වට්ස්ඇප් ගිණුම පරීක්ෂා කර බලා තිබේ. ඔහු තමාගේ ජංගම දුරකථනයේ වට්ස්ඇප් ස්ථාපනය කරගත් අතර එහි දුරකථන අංකය ලබා දිය යුතු ස්ථානයේ අමාලිගේ දුරකථන අංකය ටයිප් කර ඇත. පසුව ඔහු අමාලි ලෙස නිමාලිට කෙටි පණිවිඩයක් යවා ලබාගත් පින් අංකය ඔහුගේ දුරකථනයේ ඇතුලත් කර ගන්නා ලදී.

කිසියම් වංචා සහගත ක්‍රියාවක් සිදුවී ඇතැයි දැනගත් අමාලි ඇගේ වට්ස්ඇප් ගිණුම අවලංගු කර දමන ලදී.

පූර්ව ආරක්ෂක උපදෙස්:

  • යමෙකු, වැරදීමකින් නොම්මරයක් ලබා දීමෙන් ඔබට ලැබුණු කෙටි පණිවිඩය පරීක්ෂා කර බලා එවන ලෙස ඔබ වෙත ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ප්‍රවේශම් වන්න, ඒවා ඉතා හොඳින් පරීක්ෂා කර බලන්න.
  • මෙවැනි අවස්ථාවකදී, කිසිම විටෙක අදාල පුද්ගලයාට කතා කිරීමෙන් මේ පිළිබඳව තහවුරු වීමක් නොවී එම පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වලකින්න‍.