අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/09

WhatsApp මෘදුකාංගයේ  සියලුම සන්නිවේදනයන්  හි  ආරක්ෂාව තහවුරුකිරීමට  ගුප්ත කේතන ක්‍රමය (end-to-end encryption) සිදු කිරිම  සඳහා  වැඩි අවධානයක් ලබා දී ඇත ඇත.

  1. WhatsApp මෘදුකාංගයට ඔබේ දුරකතනයේ / උපකරණයේ කැමරාව භාවිතා කරන්න පුළුවන්දැයි තහවුරු කර ගන්න. WhatsApp ස්ථාපනය කිරීමේදී ඔබට දැනටමත් මේ සඳහා අවසර දී ඇත.
  2. WhatsApp හි ඔබේ මිතුරා සමඟ සංවාදයක් විවෘත කර සංවාදයේ ඉහළම පුද්ගලයාගේ නම තෝරන්න.
  3. එවිට එම පුද්ගලයාට අදාල -තොරතුරු සහිත සකවුළුව (contact window) විවෘත කරනු ඇත. එම තිරයේ පතුලේ ගුප්ත කේතනය (Encryption) සඳහා සැකසුමක් ඔබට දැකිය හැකිය.
  4. ගුප්ත කේතන ක්ෂේත්‍රය මත ක්ලික් කරන්න, එවිට ඔබ QR කේතය මෙන්ම QR කේතයේ අන්තර්ගතය නියෝජනය කරන අංක 60 කින් යුත් කේතයක් ද පෙන්වනු ලැබේ.
  5. ඔබේ මිතුරාගේ කේතය පරීක්ෂා කිරීමට ඔබට හැකි වන සබැඳියක් QR කේත තිරයේ පහළ ඇති අතර, ඔබේ මිතුරාටද ඔබේ කේතය සඳහා එයම කළ හැකිය.

WhatsApp මත ආරක්ෂිත සැකසුම් වින්‍යාස(configure )කිරීම සඳහා වන පියවරයන්

  > Settings -> Accounts -> Security -> enable the QR code

මූලාශ්‍රය:  Handbook on Information Security, Sri Lanka CERT – CC