අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/09

ඔබගේ වට්ස්ඇප් ගිණුමට ප්‍රවේශය ලබා ගැනීමට හැකර්වරු පහත දැක්වෙන ක්‍රම භාවිතා කළ හැකිය.

  • හැකර්වරුන්ට මොහොතකට හෝ ඔබේ උපාංගයට පිවිසීමට අවස්ථාවක් ලැබුනොත්, ඔවුන්ට වට්ස්ඇප් QR කේතය (code) භාවිතා කර වට්ස්ඇප් වෙබ් (‘WhatsApp Web’) හරහා ඔබගේ ගිණුම පාලනය කළ හැකිය.
  • ඔබගේ උපාංගයේ උපස්ථ ගොනු (backup files) වෙත ප්‍රවේශ වීම.
  • වට්ස්ඇප් ස්නිෆර් (WhatsApp Sniffer) සමඟ Wi-Fi ජාලය භාවිතා කිරීම
  • තෙවන-පාර්ශවීය ස්පයිවෙයාර් (spyware) භාවිතා කිරීම

ඔබේ වට්ස්ඇප් ගිණුම හැක් කර ඇත්දැයි දැන ගන්නේ කෙසේද?

  • නාඳුනන අංකයකින් වට්ස්ඇප් ඇමතුමක් ලැබීම ඔබගේ ගිණුම අඩපණ වී (හැක් වී) ඇති බවට ලකුණක් විය හැකිය. ඒ සඳහා ඔබට එම ඇමතුමට පිළිතුරු ලබා දීම (pick) පවා අවශ්‍ය නොවේ. (‘The Sun’ පුවත්පත, 2019 මැයි 15)
  • ජංගම දුරකථනය අසාමාන්‍ය ලෙස උණුසුම් වේ.
  • මොබයිල් ඩේටා (mobile data) / ඉන්ටර්නෙට් හෝ Wi-Fi සක්‍රියව ඇති විට ජංගම දුරකථනයේ බැටරිය ඉතා ඉක්මණින් අඩු වේ.
  • ඔබගේ ගිණුමේ තොරතුරු වෙනස් කිරීම.
  • ඔබ නොයැවූ පණිවිඩ ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවේ අයට සහ නොදන්නා පුද්ගලයින් වෙත යවා තිබීම.
  • නොකියවූ පණිවිඩ කියවා ඇති බවක් (read) පෙනෙන අතර අලුත් හෝ මකා දැමූ පණිවිඩ එහි තිබිය හැකිය.
  • සම්බන්ධතා ලැයිස්තුවේ (contact list) වෙනසක්

හැක් කරන ලද වට්ස්ඇප් ගිණුම නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ (recover) කෙසේද?

ඔබට තවමත් ගිණුමට ප්‍රවේශය තිබේ නම්,
* වට්ස්ඇප් වෙබ් අක්‍රීය කරන්න (Disable ‘WhatsApp Web’)

  1. ඔබගේ ජංගම දුරකථනයෙන් වට්ස්ඇප් විවෘත කරන්න,
  2. ඉහළ දකුණේ සිරස් තිත් තුන ක්ලික් කරන්න
  3. එහි දිස්වෙන ‘WhatsApp Web’ ක්ලික් කිරීමනේ අවසන් වරට භාවිතා කළ උපාංග ලැයිස්තුවක් සමඟ නව කවුළුවක් (window) විවෘත වේ.
  4. ‘සියලු උපාංග වලින් ඉවත් වන්න’ (‘Log out from all devices’) යන්න තෝරන්න

ඔබගේ ගිණුමට ප්‍රවේශ විය නොහැකි නම්,

* වට්ස්ඇප් අමතන්න

  1. ඒ සඳහා https://www.whatsapp.com/contact/ වෙත පිවිසෙන්න.
  2. ‘WhatsApp Messenger Support’ හි ‘අප අමතන්න / contact us’ ක්ලික් කරන්න
  3. අදාළ වට්ස්ඇප් අංකය ටයිප් කරන්න
  4. උපාංගයේ වර්ගය තෝරන්න
  5. ඔබේ පණිවිඩය පැහැදිලිව යැවීමට ‘ප්‍රශ්නය යවන්න / Send Question’ බොත්තම ක්ලික් කර තිරයේ උපදෙස් අනුගමනය කරන්න.

ඔබගේ වට්ස්ඇප් ගිණුම සුරක්ෂිත කරන්නේ කෙසේද?

  • නවතම අනුවාදය යාවත්කාලීන කරන්න (Upgrade the latest version)
  • පොදු හෝ නොමිලේ Wi-Fi ප්‍රවේශ ස්ථාන භාවිතා කිරීම නවත්වන්න
  • කිසි විටෙකත් වෙනත් අයෙකුට ඔබගේ දුරකථනයට ප්‍රවේශය ලබා නොදෙන්න
  • ඔබගේ දුරකථනයට ඇප්ස් ඉන්ස්ටෝල් කිරීමේදී නොදන්නා ප්‍රභවයන්ගෙන් (Playstore / Appstore හැර) කිසිවක් ස්ථාපනය (install) නොකරන්න. එසේ නොමැති නම්, අදාළ ප්‍රභවය භාවිතා කිරීමේදී ඔවුන් ඔබේ දුරකථනයට RAT (දුරස්ථ ප්‍රවේශ ට්‍රෝජන්) නොකරන බවට සහතික කර ගන්න.
  • ප්‍රවේශ වීමට කේතයක් (code) සැකසූ යෙදුම් ලොකර් (App locker) මෘදුකාංගයක් භාවිතයෙන් ඔබගේ සියලුම යෙදුම් අගුළු දමන්න.
  • ද්වි-සාධක සත්‍යාපනය / Two-factor authentication සක්‍රීය කරන්න (ද්වි-සාධක සත්‍යාපනය යනු කුමක්ද?)
    ඒ සඳහා වට්ස්ඇප් හි > සැකසීම් > ගිණුම > දෙපියවර සත්‍යාපනය > සක්‍රීය කරන්න.
    (Open WhatsApp > Settings > Account > Two-step verification > Enable.)

මූලාශ්‍ර:
https://www.indiatoday.in/technology/tech-tips/story/tech-tips-how-to-know-your-whatsapp-account-has-been-hacked-and-tips-to-prevent-it-1267810-2018-06-23
https://www.quora.com/How-do-I-know-if-my-WhatsApp-account-has-been-hacked
https://gotechug.com/whatsapp-hacked-how-to-know-and-how-to-fix-it/
https://www.thesun.co.uk/tech/9074690/whatsapp-hack-how-to-find-out-if-hacked/