අවසන් වරට යාවත්කාලීන කලේ 2023/07/14

2023 ජූලි 13

 

ICT කර්මාන්තය ගැන හැඳින්වීම සහ සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසිය
පස්සර මධ්‍ය මහා විද්‍යාලය

2023 ජූලි 13 දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) කර්මාන්තය පිළිබඳ හැඳින්වීමක් සහිතව සයිබර් හිරිහැර හඳුනා ගෙන ඒවා අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පස්සර මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලද අතර මෙය Axiata ඩිජිටල් ලැබ්ස් (ADL) ආයතනය සමඟ එක්ව හිතවතී මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා එම ප්‍රදේශයේ පාසල්වල උසස් පෙළ සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජිතයින් සහභාගී වූහ.