අවසන් වරට යාවත්කාලීන කලේ 2023/04/21

2023 අප්‍රේල් 20 සිව්වන වෙළුම – 04 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

Snapchat (ස්නැප්චැට්) හි වාර්තා / රිපෝට් කිරීම

 

ස්නැප්චැට් ඇමෙරිකානු බහුමාධ්‍ය ක්ෂණික පණිවිඩකරණ යෙදුමක් (මැසේජිං ඇප්) ලෙස ප්‍රසිද්ධ වන අතර මෙය Snap Inc යන ආයතනය මඟින් සංවර්ධනය කර ඇත. මෙම යෙදුම ඕනෑම උපාංගයකට බාගත (ඩවුන්ලෝඩ්) කළ හැකි වන අතර ඕනෑම ස්ථානයක සිට මිතුරන් හා කාලය ගත කිරීමට යොදා ගත හැක. මෙමගින් ලබා දෙන විශේෂාංග වනුයේ චැට්, ස්නැප් (පින්තූර, වීඩියෝපටි යැවීම) සහ වීඩියෝ කෝල් පහසුකම් ය.

 

ඔබ දැන සිටියාද?

 

• ආසියාව 2023 දී ඉහළම සමස්ත සිල්ලර ඊ-වාණිජ්‍ය ආදායම ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ.
https://www.statista.com

• නව පරපුරෙන් (Gen Z) 14% ක් දැනටමත් ගූගල් වෙනුවට ටික්ටොක් භාවිත කරයි.
https://www.digitalinformationworld.com

• ඇමෙරිකානු ඩොලර් බිලියන 100 කට ආසන්න AI වෙළඳපොළ වටිනාකම 2030 වන විට විසි ගුණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
https://www.statista.com

• දිනකදී සාමාන්‍යයෙන් සයිබර් ආරක්ෂාවට බලපාන ප්‍රහාර / සිදුවීම් 26,000 ක් සිදු වේ.
https://www.enzoic.com

 

 

මම හිතන්නේ මගේ පරිගණකය තුළ වෛරසයක්! මම කළ යුත්තේ කුමක්ද?

1. සම්පූර්ණ පද්ධති (ෆුල්-සිස්ටම්) ස්කෑන් එකක් කරන්න.

2. මීට කලින් ගත් බැකප් (back-up) එකක් නැවන පිහිටුවා ගන්න (restore).

3. තාවකාලික ගොනු / ෆයිල් මකන්න (Delete).

4. සේෆ් මෝඩ් (Safe Mode) තත්ත්වයට පත් කරන්න.

5. ඔබගේ මෙහෙයුම් පද්ධතිය (ඔපරේටිං සිස්ටම්) නැවත ඉන්ස්ටෝල් කරන්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

• MacOS හි MacStealer අනිෂ්ට මෘදුකාංගයෙන් පරිස්සම් වන්න!
මෙම තොරතුරු සොරකම් කරන අනිෂ්ට මෘදුකාංගය (මැල්වෙයා) Apple හි macOS මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක අවදානමට ලක්ව ඇති උපාංගවලින් සංවේදී තොරතුරු ලබා ගැනීමට මාන බලයි.
www.cert.gov.lk

• FortiOS සහ FortiProxy පරිපාලන අතුරුමුහුණත්වල කේත ක්‍රියාත්මක කිරීමේ (code execution) බරපතල දෝෂයකි.
CVE-2023-25610 ලෙස හඳුනාගෙන ඇති අවදානමට හේතු වන්නේ පරිශීලක-සපයන ලද දත්ත සැකසීමේ මන්දගාමී (heap buffer underflow) ගැටළුවයි.
https://www.techcert.lk

• Adobe ColdFusion හි දුරස්ථ (Remote) කේත ක්‍රියාත්මක කිරීමේ අවදානම ගැන සැලකිලිමත් වන්න!
Adobe ColdFusion අවදානමට ලක්විය හැකි බව සොයා ගන්නා ලදී.
www.cert.gov.lk


සයිබර් පුවත්

 

“ගෝලීය වශයෙන් පොඩි ජංගම දුරකථන (feature phones) විලාසිතාවෙන් ඉවත් වී තිබිය හැකි නමුත් එය එක්සත් ජනපදයේදී වෙනස් කතාවකි”

Nokia දුරකථන නිෂ්පාදක, HMD Global වැනි සමාගම් 2000 ගණන්වල මුල් භාගයේ භාවිතා කළ ජංගම උපාංගවලට සමාන ජංගම උපාංග මිලියන ගණනක් අලෙවි කිරීම දිගටම කරගෙන යයි.
https://www.cnbc.com

කාන්තාවන් සඳහා පෞද්ගලිකත්ව පරීක්ෂාව (privacy check): 2023 දී ඔබේ දත්ත භාවිත වන ආකාරය

කාන්තා ඉතිහාස මාසය අවසන් වන විට, Cybernews විසින් පසුගිය වසර තුළ කාන්තා ජනගහනයේ බොහෝ තාක්‍ෂණික ජයග්‍රහණ පිළිබිඹු කරයි.
https://cybernews.com

පිරමිඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම

බැංකු පනතේ 83 සී වගන්තියේ විධිවිධාන යටතේ අදාළ ආයතන තුනට එරෙහිව අපරාධ නඩු පැවරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
www.cbsl.gov.lk

ට්විටර් ප්‍රභව කේතය (source code) හෙළි කිරීම: ආවරණය වන්නේ කුමක්ද?

Twitter විසින් නිල වශයෙන් එහි ප්‍රභව කේතයේ කොටස් GitHub කේත බෙදාගැනීමේ වේදිකාවේ (code sharing platform) ප්‍රධාන ගබඩා දෙකක පළ කර ඇත.
https://cybernews.com

BestWeb තරඟයෙන් ඔබේ .lk වෙබ්අඩවිය ජයග්‍රහණය කරන්නේ කෙසේදැයි බලන්න

ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් සංවිධානය කරනු ලබන BestWeb.lk 2023 තරඟය සඳහා ලියාපදිංචිය අප්‍රේල් 19 වන දිනෙන් ආරම්භ වේ.
www.bestweb.lk

කැමැත්ත

 

මහිත් ගාල්ලේ ඉතා ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ දක්ෂ සිසුවෙක්. ඔහුගේ පියාද එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. මහිත්ගේ වයස අවුරුදු 13 ක් විතර. එයා හරිම දක්ෂ නිසා ඉස්කෝලේ හැම ගුරුවරයෙක්ම වගේ එයාට ආදරේ වුණා. මහිත්ගේ දෙමව්පියොත් එයා ගැන හරිම සතුටෙන් තමයි හිටියෙ

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය
මකුළුගස්වැව මහා විද්‍යාලයේ දී

2023 අප්‍රේල් 18 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් මකුළුගස්වැව මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 170 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය
වීර මොහාන් ජයමහ ජාතික පාසලේ දී

2023 අප්‍රේල් 18 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් වීර මොහාන් ජයමහ ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ උප විදුහල්පතිතුමිය, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 240 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

LK ඩොමේන් රෙජිස්ට්‍රි සහ Axiata ඩිජිටල් ලැබ්ස් අතර අවබෝධතා ගිවිසුම

ලංකා වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) සහ Axiata Digital Labs ආයතනය ආරක්ෂිත අන්තර්ජාල භාවිතය පිළිබඳව කාන්තාවන් සහ ළමුන් දැනුවත් කිරීමට අත්වැල් බැඳ ගනී. ඒ සඳහා LK ඩොමේන් රෙජිස්ට්‍රියේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා සහ Axiata Digital Labs (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී තුෂෙර කවුදවත්ත මහතා 2023 මාර්තු 21 වන දින අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් කරන ලදී.
සයිබර් සුරැකුම පොත් පිංච, පාසල්වල දැනුවත් කිරීමේ වැඩසටහන්, ඔන්ලයින් වැඩමුළු (වෙබ්නා) සහ හිතවතී පිළිබඳ ආරක්‍ෂක වීඩියෝපට හරහා සැමට සුරක්ෂිත අන්තර්ජාල ප්‍රජාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.

 

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය

 

Firewall (ෆයර්වෝල්) 2006

Firewall යනු රිචඩ් ලොන්ක්‍රේන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ජෝ ෆෝටේ විසින් රචිත 2006 ත්‍රාසජනක ක්‍රියා ඇතුළත් චිත්‍රපටයකි. මෙහිදී ආරක්ෂක විශේෂඥයෙකුට තම පවුල බේරා ගැනීමේ කප්පම් මුදල ගෙවීම සඳහා ඔහු ආරක්ෂා කරන බැංකුව කොල්ලකෑමට බල කෙරෙයි.

https://youtu.be/a1xYGg_badI

ගැජට්

 

 

Open Doly – රොබෝවරයෙකුට වඩා උසස් තත්ත්වයක්

 

ඔබේ සිහිනවල සිටින රොබෝව නිර්මාණය කරන්න

https://www.hackster.io

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.


සිංහල තේරුම :

මනුෂ්‍ය වර්ගයාට කරන ලොකුම විහිළුව නම් පරිගණක මිනිසුන්ගෙන් තමන් රොබෝ කෙනෙක් නොවන බව ඔප්පු කරන ලෙස ඉල්ලීමයි.

www.childsafenet.org

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.