අවසන් වරට යාවත්කාලීන කලේ 2023/12/21

2023 දෙසැම්බර් 20 සිව්වන වෙළුම – 12 වෙනි කලාපය

මාසික සඟරාව

උත්සව කාලේ උගුල්වලට අහු නොවී
ඔන්ලයින් ෂොපිං කරන හැටි

ඔන්ලයින් ෂොපිං අවදානම්ද?

මාර්ගගත සාප්පු සවාරි නැත්නම් ඔන්ලයින් ෂොපිං හරි පහසුයි, ඒත් එහි අවදානමක් නැතුවාම නොවේ. ඔබ අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නා විට, සයිබර් අපරාධකරුවන් ඔබට පාඩු කිරීමට උත්සාහ කළ හැකි අවස්ථාවන් තිබිය හැක. ඔවුන් මෙය සිදු කරන්නේ ඔබේ මුදල් ගැනීමට උත්සාහ කිරීමෙන් හෝ ඔබේ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමෙනි. මෙම අපරාධකරුවන් ඉතාමත් උපක්‍රමශීලීව කටයුතු කරයි. ඔවුන් ව්‍යාජ වෙබ්අඩවි නිර්මාණය කරන අතර සත්‍ය වශයෙන්ම ගබඩාවක නැති දේවල් විකිණීමෙහි නිරත වේ. තවද ඔබේ පුද්ගලික සහ ගෙවීම් විස්තර සොයා ගැනීමට උත්සාහ කරමින් ඔබ භාවිතා කරන උපාංගයට අනිෂ්ට මෘදුකාංග (මැල්වෙයා) ඉන්ස්ටෝල් කිරීමට තැත් කරයි. එබැවින්, අන්තර්ජාලය හරහා සාප්පු සවාරි යෑම කෙතරම් පහසු වුවද, ඔබ සැලකිලිමත් විය යුතු සැඟවුණු අනතුරක් එහි තිබිය හැක.

 

   ඔබ දැන සිටියාද?

Zeroed-In Technologies නම් සමාගමේ දත්ත නිරාවරණය වීම නිසා මිලියන දෙකක් පමණ පරිශීලකයින් පීඩාවට පත් විය.
https://cybernews.com

Twitter හි ප්‍රචාරණ සම්පත් හරහා ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යා දත්තවලින් පෙනී යන්නේ 2023 මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ ට්විටර් පරිශීලකයින් 373,100 ක් සිටි බවයි.
https://datareportal.com

සමහර ඩෙස්ක්ටොප් භාවිතා කරන්නන්ගේ Google Drive හි මාස ගණනක ගොනු (ෆයිල්) අතුරුදහන් වී ඇත.
https://www.theverge.com

සමාජ මාධ්‍ය භාවිතය යනු වඩාත් ජනප්‍රිය ඔන්ලයින් ක්‍රියාකාරකම් වලින් එකකි. 2022 දී, ලොව පුරා බිලියන 4.59 කට අධික ජනතාවක් සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිටි අතර, එම සංඛ්‍යාව 2027 දී බිලියන හයක් දක්වා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
https://www.statista.com

 

ඔබ නිවාඩුවක් ගත කරන අතරතුර
සයිබර් ආරක්ෂිතව සිටීම සඳහා පිළිපැදිය යුතු උපදෙස්

ඉඟි 1: හැකිතාක් අඩුවෙන් විස්තර බෙදා ගන්න (ශෙයා කරන්න).

ඉඟි 2: අභ්‍යන්තර සහ බාහිර පාර්ශව සඳහා යැවීමට වෙන වෙනම පිළිතුරු කෙටුම්පත් කරන්න.

ඉඟි 3: ඔබ යාමට පෙර අන් අය ‘දැන ගැනීමට අවශ්‍ය (need to know)’ දේ පාලනය කරන්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

Foxit ආරක්ෂක යාවත්කාලීන (අප්‌ඩේට්) නිකුත් කරයි.
ආරක්‍ෂක අප්ඩේට් මගින් අවදානමට ලක්විය හැකි පද්ධති මත දුරස්ථ කේත ක්‍රියාත්මක (RCE) කිරීමට ප්‍රහාරකයන්ට ඉඩ සලසන Foxit Reader සහ Foxit PDF Editor හි විවිධාකාර දුර්වලතා බොහොමයකට විසඳුම් දෙයි.
https://digital.nhs.uk

අනාගත සයිබර් ආරක්‍ෂාවේ අගුළු හැරීම: ReadySetCyber දෙස හොරෙන් බැලීම.
සයිබර් ආරක්‍ෂාව පිළිබඳ වේගවත් ලෝකයේ, තර්ජනවලට වඩා ඉදිරියෙන් සිටීම අත්‍යවශ්‍ය වේ.
https://www.cisa.gov

අවදානමකට ලක්ව ඇති ownCloud හි බරපතල දෝෂය (CVE-2023-49103)
ව්‍යවසායකත්ව සැකසීම් වල භාවිතා වන ජනප්‍රිය ගොනු හුවමාරු සහ සහයෝගීතා වේදිකාවක් වන ownCloud හි තීරණාත්මක තොරතුරු අනාවරණය කිරීමේ අවදානමකින් (CVE-2023-49103) අයුතු ප්‍රයෝජන ගැනීමට ප්‍රහාරකයන් උත්සාහ කරයි.
https://www.helpnetsecurity.com


සයිබර් පුවත්

 

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ පහසු ඉලක්කයක් ලෙස හඳුනාගෙන ඇත.
සයිබර් අපරාධකරුවන්ට ඔවුන්ගේ සයිබර් අපරාධ සහ ඔන්ලයින් ඉන්ටනෙට් හැකිං (අනවසරයෙන් ඇතුළුවීමේ) ක්‍රියාකාරකම් සිදුකිරීමේ පහසු ඉලක්කයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.
https://www.dailynews.lk

සයිබර් ප්‍රහාරයක් මඟින් ස්ලෝවේනියාවේ විශාලතම බලශක්ති සමාගමට පහර දෙයි.
ස්ලෝවේනියාවේ විශාලතම බලශක්ති සමාගම වන HSE හි තොරතුරු තාක්ෂණ ජාලයට මෑතකදී සයිබර් ප්‍රහාරයක් එල්ල විය. මේ වන විට තත්ත්වය පාලනය වී ඇති බව පෙනෙන නමුත් සිද්ධියේ මූලාශ්‍රය මෙතෙක් සොයාගෙන නොමැත.
https://cybernews.com

යුරෝපයේ තාක්ෂණය සඳහා යොදවන අරමුදල මේ වසරේ 45% කින් පහත වැටේ.
ලෝකය වටා ඇති ආර්ථික කැලඹීම යුරෝපීය තාක්ෂණික කර්මාන්තයට දැවැන්ත බලපෑමක් ඇති කිරීමට පටන් ගෙන තිබේ.
https://www.digitalinformationworld.com

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ තවත් රටවල් 16 ක් AI (කෘත්‍රිම බුද්ධි) ආරක්ෂක මාර්ගෝපදේශවලට එකඟ වෙති.
සැලසුම අනුව ආරක්‍ෂිත විය යුතුය යන මූලධර්මය මත පදනම්ව රටවල් 18 ක් AI ආරක්‍ෂාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කර ඇත.
https://www.forbes.com

 

මාසික වීඩියෝව

 

සෑම මසකම 10 වෙනි දින හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන වීඩියෝව නරඹා ඉන් ඔබට තේරුණ / ඔබේ දැනුමට එකතු වූ දෙයක් කෙටියෙන් කමෙන්ට් කරන්න!
අහඹු ලෙස තෝරා ගන්නා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට තෑගි ලෙස රු.2,000/- බැගින් වූ MD ගුණසේන පොත්හලේ වවුචර්පත්!!
ත්‍යාග සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන LK ‌ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයට අපගේ ප්‍රණාමය!

ඔටුන්න හිමි කුමරු

අවුරුදු විසි ගණන් වල පසුවූ රයියන් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා ඇප්ස් වගේම ඩේටිං ඇප්ස් භාවිතා කරා. එක දවසක් “ශේක් හම්ඩාන් ෆසා” කියලා කෙනෙක් ගෙන් රයියන්ට ස්කවුට් ඇප් එකෙන් පණිවිඩයක් ලැබුණා. රයියන්ට මේ ගැන පොඩි අමුත්තක් දැනුණා. ඒත් එයාට මේ ගැන වැඩිදුර විස්තර හොයන්න ඕන වුණා. ටික වෙලාවකින් රයියන්ට ඒ කෙනාගෙන්ම ඉමෝ හරහාත් මැසේජ් එකක් ආවා.

ශේක් හම්ඩාන් ෆසා: හායි

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

LK ඩොමේන් රෙජිස්ට්‍රියේ හිතවතී ව්‍යාපෘතියට සම්මානයක්
වෝටර්ස් එජ් හෝටලයේ දී

2023 දෙසැම්බර් 14 වන දින වෝටර්ස් එජ් හෝටලයේ දී පැවති SLIIT ව්‍යාපාරික පාසල විසින් සංවිධානය කරන ලද 2023 තිරසාර හා ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී (International Conference on Sustainable and Digital Business – ICSDB) LK ඩොමේන් රෙජිස්ට්‍රියේ හිතවතී ව්‍යාපෘතිය කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය.

සයිබර් ආරක්ෂණ සැසිය
ලංකා වසම් ලේඛකාධිකාරියේ දී

2023 දෙසැම්බර් 11 දින ටෙක්සර්ට් ආයතනය මඟින් හිතවතී කණ්ඩායම සඳහා නව සයිබර් ආරක්ෂණ ගැටලු පිළිබඳ සැසියක් ලංකා වසම් ලේඛකාධිකාරි කාර්යාලයේ දී පැවැත්වූ අතර මේ සඳහා LK ඩොමේන් රෙජිස්ට්‍රියේ සහ TechCert ආයතනයේ නිලධාරීන් සහභාගී වූහ.

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය
කොළඹ විශ්වවිද්‍යාලයේ දී

2023 දෙසැම්බර් 7 වන දින හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් මෙන්ම සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසියක් කොළඹ විශ්ව විද්‍යාලයේ ‘තාක්‍ෂණය පහසුකම් සලසන ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය’ පිළිබඳ වැඩමුළුවේදී පැවැත්වූ අතර මෙම වැඩසටහන Centre for Women’s Research (CENWOR) අයතනය මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා විවිධ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් 50ක් පමණ සහභාගි වූහ.

හිතවතී හා ටික්ටොක් අතර සාකච්ඡාව
LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ දී

හිතවතී TikTok නිලධාරිනියක (කළමණාකාර, ටික්ටොක් – සම්බන්ධතා වැඩසටහන්) සමඟ සාකච්ඡාවක් 2023 දෙසැම්බර් 6 වන දින LK ඩොමේන් රෙජිස්ට්‍රියේදී පවත්වන ලදී. මෙම හමුවෙහි ප්‍රධාන අරමුණ වූයේ හිතවතී සහ ටික්ටොක් අතර විශ්වාසවන්ත හවුල්කාරී සබඳතාවයක් (CPC) නිර්මාණය කර ගැනීමයි.

කරුණු පරීක්ෂාව (Fact Checking) ගැන පුහුණුව
LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ දී

2023 නොවැම්බර් 30 දින ශ්‍රී ලංකා Fact-Crescendo ආයතනයේ කරුණු පරීක්ෂක (Fact Checker), පී. සඳමාලි මහත්මිය විසින් හිතවතී කණ්ඩායම සඳහා සාවද්‍ය / අපහාසාත්මක හෝ නොමඟ යවන තොරතුරක්ද යන්න පරීක්ෂා කරන ආකාරය (Fact Checking) පිළිබඳව පුහුණු වැඩමුළුවක් ලංකා වසම් ලේඛකාධිකාරි කාර්යාලයේ දී පවත්වන ලදී.

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
මාතලේ – HELA CLOTHING ඇඟලුම් මධ්‍යස්ථානය

2023 නොවැම්බර් 21 දින හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් මෙන්ම සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසියක් මාතලේ Hela Clothing (Pvt) Ltd ඇඟලුම් මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර මෙම වැඩසටහන එම ඇඟලුම් මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා සේවක සේවිකාවන් 1500ක් පමණ සහභාගී වූහ.

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය
දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දී

2023 නොවැම්බර් 20 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දී පැවැත්වූ අතර මෙය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා උපකාරක සේවාව (1938) විසින් සංවිධානය කරන ලදී. මේ සඳහා ගුරුවරුන් සහ සිසුන් 250 ක් පමණ සහභාගී වූහ.

සුහුරුලිය 2.0 එළිදැක්වීමේ උත්සවය
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

2023 නොවැම්බර් 20 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලද සුහුරුලිය 2.0 නව මුහුණුවර එළිදැක්වීමේ (launch) උත්සවය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් කරන ලද ආරාධනාවට “හිතවතී” සහභාගී විය.

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය

 

Single White Female / සිංගල් වයිට් ෆීමේල් (1992)

කාන්තාවක් (බ්‍රිජට් ෆොන්ඩා විසින් රඟපාන) නේවාසික මිතුරෙකු (roommate) සඳහා දැන්වීමක් පළ කරයි. ඇයගේ නව නේවාසික මිතුරිය (ජෙනිෆර් ජේසන් ලී) තම අනන්‍යතාවය (identity) සොරකම් කිරීමේ උත්සාහයක නිරත වන බව ඇය ඉක්මනින්ම සොයා ගනී.

https://youtu.be/ROg4MoaAXvY?si=RvIlfOuYmtLEl9-x

ගැජට්

 

 

Gift of Light (ආලෝකයේ තෑග්ග)

 

ස්පර්ශ කරන ලද සමනලයාගේ වර්ණය උපාංගය හා සම්බන්ධ විදුලි පහන් මගින් නිර්මාණය වන දර්ශනයේ (හෝ ක්‍රියාවේ) සංඥාවකි.

https://www.hackster.io

සිංහල තේරුම :
අද රෑ ගෙදර වැඩ නැද්ද?
ෂෙල්බි මිස් කිව්වා ඒවා චීනයේ සර්වර් එකක තියෙනවා කියලා.

https://cybersecurityventures.com/

 

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.