2024 ජනවාරි 20 පස්වන වෙළුම – 01 වෙනි කලාපය

මාසික සඟරාව

නිහඬ ‘ක්‍රිප්ටොජැකිං’ තර්ජනය

ක්‍රිප්ටොජැකිං (Cryptojacking) යනු කුමක්ද?

ක්‍රිප්ටොජැකිං කියන්නේ ක්‍රිප්ටො-මුදල් කැණීම සඳහා සයිබර් අපරාධකරුවන් විසින් අනවසරයෙන් මිනිසුන්ගේ උපාංග (පරිගණක, ටැබ්ලට්, ස්මාර්ට්ෆෝන් සහ සර්වර්) වෙත පිවිසෙන සයිබර් අපරාධ වර්ගයකි. අනෙකුත් සයිබර් අපරාධ මෙන්ම මෙහි ප්‍රධාන අරමුණ නීති විරෝධී ලාභ ඉපැයීමයි.

 

   ඔබ දැන සිටියාද?

  • ගෝලීය අන්තර්ජාල සීමා කිරීම්: පසුගිය වසරේ රටවල් 25ක් පුරා සිද්ධීන් 196ක්
    https://www.digitalinformationworld.com
  • පසුගිය මාස 12 තුළ අවම වශයෙන් එක් වරක් හෝ ආරක්ෂක බිඳවැටීමකට ලක්වූ බව ආයතනවලින් 61% ක් තහවුරු කර ඇත.
    https://www.helpnetsecurity.com
  •  කෘතිම බුද්ධි (AI) වෙළඳපළ ප්‍රමාණය 2023 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 241.8 සිට 2030 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 740 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. https://www.statista.com

බොරුවට රැවටීමෙන් වළකින අයුරු

 

  • මූලාශ්‍රය පරීක්ෂා කරන්න
  • “5 W සහ H” (who, what, when, where, why, and how) පිළිබඳව සොයා බලන්න
  • වෙනස් (විකෘති) කිරීම් සම්බන්ධව විමසිලිමත් වන්න
  • ඔබේ පක්ෂපාතීත්ව ගැන දැනගන්න
  • සමාජ මාධ්‍ය පිළිබඳ සාධාරණ සැකයක් තබා ගන්න


සයිබර් පුවත්

 

Victoria’s courts හි සිදුවීම යනු ප්‍රමාදයන් සහ කාන්දුවීම් (ලීක්) ඇති කළ හැකි සයිබර් ප්‍රහාරවලට ලක් වූ බොහෝ දේවලින් එකකි
ඕස්ට්‍රේලියාවේ අධිකරණ පද්ධතියට සිදුවූ පළමු සයිබර් ප්‍රහාරය ලෙස වාර්තා වූයේ වික්ටෝරියා උසාවි පද්ධතියේ හැක් කිරීම නමුත් විදේශයන්හි සිදුවූ එවැනි සිදුවීම්වලින් පෙනී යන්නේ අපරාධකරුවන් වැඩි වැඩියෙන් සංවේදී නිල තොරතුරු ඉලක්ක කරන බවයි.
https://www.abc.net.au

කෘතිම බුද්ධියෙන් මනුෂ්‍යත්වයට තර්ජනයක්: විශේෂඥයන් ඇස්තමේන්තු කරන්නේ සම්පූර්ණ හානියෙන් 5% ක අවදානමක්
බොහෝ අය සිතන්නේ කෘතිම බුද්ධිය අප සියල්ලන්ම මරා දමා ලෝකය අත්පත් කර ගැනීමට යන බවයි.
https://www.digitalinformationworld.com

2024 දී සයිබර් ආරක්ෂණ අභියෝග පිළිබඳ අනාවැකි
සමාගම්, සංවිධාන සහ රජයන්හි අර්බුදකාරී තත්ත්වයන් සඳහා සයිබර් ආරක්ෂණ ගැටළු සහ අභියෝග මේ වසරේද සැලකිය යුතු මට්ටමින් දායක වනු ඇත.
https://www.forbes.com

109 ක්ෂණික ඇමතුම් අංකය හරහා කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ඕනෑම ආකාරයක අපරාධයක් දැනුම් දෙන්න
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ඕනෑම ආකාරයක අපරාධයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
https://www.dinamina.lk

මාසික වීඩියෝව

 

සෑම මසකම 10 වෙනි දින හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන වීඩියෝව නරඹා ඉන් ඔබට තේරුණ / ඔබේ දැනුමට එකතු වූ දෙයක් කෙටියෙන් කමෙන්ට් කරන්න!
අහඹු ලෙස තෝරා ගන්නා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට තෑගි ලෙස රු.2,000/- බැගින් වූ MD ගුණසේන පොත්හලේ වවුචර්පත්!!
ත්‍යාග සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන LK ‌ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයට අපගේ ප්‍රණාමය!

ඔන්ලයින් ණය උගුල

කනිෂ්කා කියන්නෙ දරුවත් එක්ක තනියම ජීවත් වූ අම්මා කෙනෙක්. එයා ගේ දොර ඔක්කොම වැඩ කටයුතු තනිව බලා ගත්තා. කාර්යබහුල ජීවිතයෙන් ටිකක් මිදෙන්න එයා ෆේස්බූක් එකේ පොඩි කාලයක් ගත කළා. ඔය අතරතුරේ එයා දැක්කා ඉක්මනින් හා ලේසියෙන් ලබා ගත හැකි පොළී රහිත ණය (ලෝන්) ගැන පෝස්ට් එකක්. ඒ වෙලාවෙ කනිෂ්කාට ඕනම වුන දේ, මොකද එයා රටේ ආර්ථික අර්බුදයත් එක්ක ගොඩක් අමාරුවෙ වැටිලා හිටියෙ. ගෙවා ගන්න බැරිව බිල් පවා ගොඩගැහිලා තිබුණේ. ඒ නිසා එයාට හිතුනා මේකෙන් වත් සහනයක් ලබාගන්න. ලෝන් ලබා දෙන පුද්ගලයා සමිත කියලා කෙනෙක්. අදාළ ලින්ක් එක ක්ලික් කරලා එයා සමිතට මැසේජ් එකක් දැම්මා.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය
බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ දී

2023 දෙසැම්බර් මස 20 වැනි දින බදුල්ල අධ්‍යාපන කලාපයේ පාසල් ගුරුවරුන් සඳහා හිතවතී ටීන්ස් හබ් ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ දී පවත්වන ලදී. මේ සඳහා 20 දෙනෙකු පමණ සහභාගී විය.

‘හිතවතී ටීන්ස් හබ්’ ව්‍යාපෘතිය
පස්සර කලාප අධ්‍යාපන කාර්යාලයේ දී

2023 දෙසැම්බර් මස 20 වැනි දින පස්සර අධ්‍යාපන කලාපයේ පාසල් ගුරුවරුන් සඳහා හිතවතී ටීන්ස් හබ් ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පස්සර කලාප අධ්‍යාපන කාර්යාලයේ දී පවත්වන ලදී. මේ සඳහා පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, පස්සර කලාප තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක සහ ගුරුවරුන් ඇතුළුව 50 දෙනෙකු පමණ සහභාගී විය.

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

Juniper Secure Analytics හි බරපතල දෝෂ
Juniper Secure Analytics හි තීරණාත්මක බරපතල දුර්වලතා දෙකක් ඇතුළුව දෝෂ දහඅටකට ආරක්‍ෂක යාවත්කාලීන (අප්ඩේට්) නිකුත් කරයි.
https://digital.nhs.uk

CISA මඟින් කාර්මික පාලන පද්ධති (Industrial Control Systems) උපදේශන තුනක් නිකුත් කරයි
CISA විසින් 2024 ජනවාරි 4 වන දින කාර්මික පාලන පද්ධති (ICS) උපදේශන තුනක් නිකුත් කරන ලදී. මෙම උපදේශන ICS අවට වත්මන් ආරක්ෂක ගැටළු, දුර්වලතා සහ අවදානම් පිළිබඳ කාලීන තොරතුරු සපයයි.
https://www.cisa.gov

Google OAuth අන්ත ලක්ෂ්‍යයක ඉහළ අවදානමට ලක් වූ Chromium දෝෂය සොයා ගන්නා ලදී
ගූගල් ක්‍රෝම්හි බහුලව භාවිතා වන සැසි අවදානම් සහගත කරවන මූලය ලෙස “MultiLogin” OAuth අන්ත ලක්ෂ්‍යය (endpoint) හඳුනාගෙන ඇත.
https://www.csoonline.com

චිත්‍රපට ඉඟිය

 

උකුසු ඇස / Eagle Eye (2008)

කිසිදා නොදුටු කාන්තාවකගෙන් අද්භූත ඇමතුම් ලැබීමෙන් පසු ජෙරී සහ රේචල් නම් ආගන්තුකයින් දෙදෙනෙක් එකවර පැමිණේ. ඇය ජංගම දුරකථන සහ වෙනත් තාක්‍ෂණය භාවිතයෙන් ඔවුන්ගේ ක්‍රියා පාලනය කරමින් හා ඔවුන්ගේ ජීවිතවලට සහ පවුල්වලට තර්ජනය කරමින් අනතුරුදායක තත්ත්වයන් මාලාවකට ඔවුන්ව තල්ලු කිරීමට කටයුතු කරයි.

https://youtu.be/_wkqo_Rd3_Q?si=Kmbpb8PyH_ksa9fe

ගැජට්

ස්වයංක්‍රීය දිය ඉසීමේ උපකරණයක් සහිත
කකුල් හතරේ බුද්ධිමත් රොබෝවරයා

FREISA යනු “Four-legged Robot Ensuring Intelligent Sprinkler Automation” (ස්වයංක්‍රීයව දිය ඉසීම සහතික කරන බුද්ධිමත් කකුල් හතරේ රොබෝවරයා) සඳහා කෙටි යෙදුමක් වන අතර ඒ හරහා B-AROL-O කණ්ඩායමේ කතාවේ කතා වස්තුව දිගටම කරගෙන යයි.

https://www.hackster.io

සිංහල තේරුම :
….. ජිමී, ඔයාගෙ ගෙදර වැඩ කළාද?
ජිමී: ඔයා මගේ අම්මාද නැත්නම් අම්මා වගේ බොරුවට රඟන කෙනෙක් (ඩීප්ෆේක්) ද?

https://cybersecurityventures.com/

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.