අවසන් වරට යාවත්කාලීන කලේ 2024/03/21

2024 පෙබරවාරි 20, පස්වන වෙළුම – 02 වෙනි කලාපය

මාසික සඟරාව

 මොළේ කන හැකරුන්

බ්රේන්ජැකිං (Brainjacking) යනු කුමක්ද?

ලොව පුරා සිටින වෛද්‍යවරු විසින් ආබාධිත රෝගීන් සඳහා විශේෂයෙන් පාකින්සන් රෝගය, නිදන්ගත වේදනාව, වෙව්ලීම සහ මාංශ පේශි කැක්කුම ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මොළය බද්ධ කිරීමේ සැත්කම් (brain implants) භාවිත කරයි. බ්රේන්ජැකිං කියන්නේ පුද්ගලයෙකුගේ මොළයේ ඇති මෙම බද්ධ කිරීම් වෙත අනවසරයෙන් පිවිසීම (හැක් කිරීම) මගින් සිදු කරන සයිබර් ප්‍රහාරයකි.

 

   ඔබ දැන සිටියාද?

  • 2023 අවසන් කාර්තුවේ කප්පම් ගෙවීම්වල 29%ක් ලෙස සැලකිය යුතු අඩුවීමක් ඉස්මතු කරයි.
    https://www.digitalinformationworld.com
  • Google Play Store හි පවතින යෙදුම් (ඇප්) සංඛ්‍යාව 2013 ජූලි මාසයේදී යෙදුම් මිලියනය ඉක්මවීමෙන් පසු, මෑතක දී යෙදුම් මිලියන 2.43ක් ලෙස ගනනය වි ඇත.
    https://www.statista.com
  • උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහනක් වර්ධනය කිරීම සඳහා සයිබර් ප්‍රහාර 58 කින් අයුතු ලෙස ඩොලර් බිලියන 3ක් ලබා ගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
    https://cybernews.com
  • ආදර වංචාවලට ගොදුරු වූවන් 2023 දී ඉහළ යයි.
    https://www.infosecurity-magazine.com

පරිස්සමින් ශෙයා කරන්න: සමාජ මාධ්‍යවල ආරක්ෂිතව සිටීම

  • ඔබගේ පුද්ගලික තොරතුරුවල වටිනාකම තක්සේරු කරන්න
  • ඔබගේ සැකසුම් (සෙටිංස්) පරීක්ෂා කරන්න
  • බහු සාධක සත්‍යාපනය (මල්ටි-ෆැක්ට ඔතෙන්ටිකේෂන් / MFA) සක්‍රීය කරන්න
  • මුරපද (පාස්වර්ඩ්): දිගු, ශක්තිමත්, එකිනෙකට වෙනස් ඒවා ගැන සිතන්න
  • ප්‍රවේශමෙන් බෙදා ගන්න (ශෙයා කරන්න)!
  • සමාජ මාධ්‍ය පළ කිරීම් (පෝස්ට්) ඩිලීට් කරත් හොල්මන් වගේ
  • මිතුරන් සහ අනුගාමිකයින් (ෆලොවර්ස්) තෝරා බේරා ගන්න
  • හිරිහැර කරන්නන් අවහිර (බ්ලොක්) කරන්න!
  • ෆිෂිං (රවටා තොරතුරු ගැනීමේ) ඇමට හසු වෙන්න එපා!


සයිබර් පුවත්

 

මාර්ගගත ආරක්ෂණ පනත ගැසට් කර ඇත.

ඔන්ලයින් ආරක්ෂණ පනත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත ලෙස බලාත්මක කරමින් රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.
https://sinhala.adaderana.lk

දත්ත රහස්‍යතා (ඩේටා ප්‍රයිවසි) සතිය: පුද්ගලිකත්ව අවදානම් හේතුවෙන් සමාගම් AI උත්පාදක තහනම් කරයි.

Cisco 2024 දත්ත රහස්‍යතා මිණුම් සලකුණු අධ්‍යයනයට අනුව, ආයතනවලින් හතරෙන් එකකට (27%) වැඩියෙන් පුද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂණ අවදානම් සම්බන්ධයෙන් තම ශ්‍රම බලකාය අතර උත්පාදක AI භාවිතය අවම වශයෙන් තාවකාලිකව තහනම් කර ඇත.
https://www.infosecurity-magazine.com

X හි ටේලර් ස්විෆ්ට් (Taylor Swift) ඩීප්ෆේක් නැරඹුම් මිලියන 47 ක් රැස් කරයි

ලිංගික අසභ්‍ය පින්තූර මඟින් සමාජ මාධ්‍ය කැළඹීම නිසා ඩීප්ෆේක් (ගැඹුරු ව්‍යාජත්වය) භාවිත කර තම එකඟත්වයෙන් තොරව සැකසූ කාමුක දර්ශනවල මාතෘකාව බවට ටේලර් ස්විෆ්ට් පත් වේ.
https://cybernews.com

එනිඩෙස්ක් (AnyDesk) හැක් වීම: ජනප්‍රිය දුරස්ථ ඩෙස්ක්ටොප් මෘදුකාංගයේ පාස්වර්ඩ් නැවත සකසන ලෙස අනිවාර්ය කරයි.

රිමෝට් ඩෙස්ක්ටොප් මෘදුකාංග නිෂ්පාදක එනිඩෙස්ක් සිකුරාදා (පෙබරවාරි 2) හෙළි කළේ එහි නිෂ්පාදන පද්ධති අනවසර ප්‍රවේශයකට ඉඩ දී සයිබර් ප්‍රහාරයකට ලක් වූ බවයි.
https://thehackernews.com

ජාල (නෙට්වර්ක්) ක්‍රියාකරුවන්ගේ පිවිසුම් විස්තර සිය ගණනක් ඩාක් වෙබ් තුළ සංසරණය වෙමින් පවතී.

Orange España සම්බන්ධ මෑත කාලීන සිදුවීම සහ RIPE NCC ද්වාරයෙන් පිවිසුම් විස්තර කාන්දු (ලීක්) වීම විශාල ඇනහිටීමකට තුඩු දුන් පසු, සයිබර් ආරක්ෂණ ප්‍රජාවට ජාල ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් කළමනාකරණයේ නියැලී සිටින කාර්ය මණ්ඩලය සඳහා ඩිජිටල් අනන්‍යතා ආරක්ෂාව නැවත සලකා බැලිය යුතුය.
https://www.helpnetsecurity.com

මාසික වීඩියෝව

 

සෑම මසකම 10 වෙනි දින හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන වීඩියෝව නරඹා ඉන් ඔබට තේරුණ / ඔබේ දැනුමට එකතු වූ දෙයක් කෙටියෙන් කමෙන්ට් කරන්න!
අහඹු ලෙස තෝරා ගන්නා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට තෑගි ලෙස රු.2,000/- බැගින් වූ MD ගුණසේන පොත්හලේ වවුචර්පත්!!
ත්‍යාග සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන LK ‌ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයට අපගේ ප්‍රණාමය!

OTP කලබගෑනිය

දිමන්ත හරිම කලබලයෙන් හිතවතීට කෝල් එකක් ගත්තේ එයාගෙ අම්මා ලොකු කරදරේක පැටලිලා කියලා හිතුන නිසා. එයාට අවශ්‍ය වුණේ වහාම කරන්න ඕන මොකක්ද කියලා දැනගන්න. දිමන්ත ඔහුගේ අම්මා මුහුණ දුන් ප්‍රශ්නය ගැන හිතවතීට පැහැදිලි කරා. හිතවතී දිමන්තට හොඳින් ඇහුම්කන් දුන්නා.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය:
මාලඹේ SLITT ව්‍යාපාර පාසලේදී

2024 පෙබරවාරි 14 වන දින උදේ 9.30 සිට 10.30 දක්වා සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳවත් හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් ගැනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාලඹේ SLIIT ව්‍යාපාර පාසලේදී පැවැත්වූ අතර ඒ සඳහා ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන පළමු වසරේ සිසු සිසුවියන් සහභාගී වූහ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සඳහා පැවැත්වු DigiGo.lk වැඩමුළුවේදි හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීම
ගාල්ල වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදි

2024 පෙබරවාරි 10 වන දින ගාල්ල වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සඳහා පැවැත්වූ DigiGo.lk වැඩමුළුවේදි හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමක් ලක් වසම් ලේඛකාධිකාරයේ මහාචාර්ය ගිහාන් ඩයස් මහතා විසින් සිදු කළ අතර ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් සහ DigiGo හවුල්කරුවන් සහභාගී වූහ.

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනයේදී – සූම් තාක්ෂණයෙන්

2024 පෙබරවාරි 8 වන දින සවස 2 සිට 4 දක්වා හිතවතී සේවාවන් හා සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ඒ සඳහා වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

Cisco ඒකාබද්ධ සන්නිවේදන නිෂ්පාදනවල තීරණාත්මක RCE දෝෂ.

අනාරක්ෂිත බව අනවසර, දුරස්ථ ප්‍රහාරකයෙකුට අත්තනෝමතික කේතය (කෝඩ්) ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය හැක.
https://digital.nhs.uk

CISA විසින් හඳුනාගත් එක් බරපතල අවදානමක් නාමාවලියට එක් කරයි.

සක්‍රීය අනතුරක් කළ හැකි සාක්ෂි මත පදනම්ව CISA එහි හඳුනාගත් බරපතල අවදානම් (Known Exploited Vulnerabilities) නාමාවලියට එක් නව අවදානමක් එක් කර ඇත.
https://www.cisa.gov

Apple නිෂ්පාදනවල ශුන්‍ය-දින (zero-day) දෝෂ

ඇපල් විසින් ඔවුන්ගේ නිෂ්පාදනවල ශුන්‍ය-දින අවදානමට (CVE-2024-23222) පිළියම් ලෙස ආරක්ෂක යාවත්කාලීන කිරීම් (අප්ඩේට්) නිකුත් කර ඇත.
https://www.csa.gov.sg

චිත්‍රපට ඉඟිය

 

මම, රොබෝ (2004)

2035 දී, තාක්ෂණික භීතිකාවක් ඇති පොලිස් නිලධාරියෙක් රොබෝවරයෙකු විසින් සිදු කර තිබිය හැකි අපරාධයක් විමර්ශනය කරයි. එය මනුෂ්‍යත්වයට විශාල තර්ජනයක් ගෙන එයි.
https://www.imdb.com/video/vi160497945/?playlistId=tt0343818&ref_=tt_pr_ov_vi

ගැජට්

බල පැල (Power Plants)

පර්යේෂකයන් විසින් සංවේදක ජාල (sensor networks) සඳහා බල සැපයුම් අභියෝගවලට මුහුණ දෙමින් සුළඟින් සහ වර්ෂාවෙන් ශක්තිය ලබා ගන්නා කෘතිම ශාක නිපදවා ඇත.
https://www.hackster.io

සිංහල තේරුම :

හ්ම්… මගේ ෆෝන් එක මිය යාමට ආසන්නයි.
https://cybersecurityventures.com/

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.