අවසන් වරට යාවත්කාලීන කලේ 2024/05/20

2024 මැයි 20, පස්වන වෙළුම – 05 වෙනි කලාපය

මාසික සඟරාව

කෙටි පණිවිඩ හරහා දාන ඇම (ස්මිෂිං)

නවීන සන්නිවේදනයේ කෙටි පණිවිඩ (SMS) ඉතාමත් සුලබ හා පහසු වන අතර ඒවාට බොහෝ දෙනා ප්‍රිය කරයි. මේ නිසාම සයිබර් අපරාධකරුවන් කෙටි පණිවුඩ හරහා මිනිසුන් රැවටීමට උත්සාහ ගනී. ‘ස්මිෂිං (Smishing)’ කියන වචනය හැදෙන්නේ ‘SMS’ හා ‘ෆිෂිං (phishing)’ යන දෙකේ එකතුවෙන්. ඒ කියන්නේ වංචනික SMS හරහා අහිංසකයින් බිලි බා ගැනීමයි. එමඟින් SMS ලබන්නාව රවටා සංවේදී තොරතුරු හෙළි කිරීමට හෝ හානිකර අන්තර්ගතයන් ඩවුන්ලෝඩ් කිරීමට පොළඹවයි.

ඔබ දැන සිටියාද?

  • වෙබ්අඩවිවලින් 75%ක් ගෝලීය පෞද්ගලිකත්ව පාලන (GPC) ඉල්ලීම් නොසලකා හරී.
    https://www.helpnetsecurity.com
  • ගූගල් හි ඉහළ ස්ථාන: 56%ක ccTLDs Command, 20%ක Subdirectories, 3%ක Subdomains.
    https://www.digitalinformationworld.com
  • සයිබර් අපරාධ නිසා 2024 දී වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන 9.5 ක් ලෝකයට පාඩු වේ.
    https://cybersecurityventures.com
  • 2024 පළමු කාර්තුව වන විට ලොව පුරා නෙට්ෆ්ලික්ස් සඳහා ගෙවූ සබ්ස්ක්‍රයිබර්ස් ගණන මිලියන 269.6ක් පමණ විය.
    https://www.statista.com

ඔන්ලයින් රැකියා සොයන ඔබේ පෞද්ගලිකත්වය රැක ගැනීමට ඉඟි 6ක්

  1. ඔබව සම්බන්ධ කර ගත හැකි තොරතුරු සැපයීමේදී ප්‍රවේශම් වන්න.
  2. ඔබේ ජීව දත්ත පත්‍රය (CV) ශෙයා කරන්නේ කා සමඟදැයි දැනුවත් වන්න.
  3. පුද්ගලික තොරතුරු සීමා කරන්න.
  4. සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරන දේ සීමා කරන්න.
  5. ඔබ අයදුම් කරන රැකියා අවස්ථා ගැන සටහනක් තබා ගන්න.
  6. වංචා (ස්කැම්) ගැන විමසිලිමත් වන්න.

    වැඩි විස්තර දැන ගැනීමට

සයිබර් පුවත්

ගූගල් ආයතනය විසින් දැන්වීම්කරුවන්ට ගැඹුරු ව්‍යාජ (ඩීප්ෆේක්) අසභ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම තහනම් කරයි.
Google ආයතනය ලිංගික අසභ්‍ය දැන්වීම් පළකිරීම තහනම් කර දිගු කාලයක් ගත වී ඇත – නමුත් මේ වන තෙක්, සමාගම විසින් වෙළඳ දැන්වීම්කරුවන්ට ඩීප්ෆේක් අසභ්‍ය දර්ශන සහ වෙනත් ආකාරයෙන් බිහි කරන ලද නිරුවත් නිර්මාණ ප්‍රවර්ධනය කිරීම තහනම් කර නොතිබිණි.
https://www.theverge.com

අසමාන වර්ල්ඩ් වයිඩ් වෙබ් (www): නව අධ්‍යයනයක් මගින් මොබයිල් සහ බ්‍රෝඩ්බෑන්ඩ් ඩේටා වියදම් වැඩියෙන්ම සහ අඩුවෙන්ම දැරිය හැකි රටවල් හෙළි කරයි.
අන්තර්ජාල සම්බන්ධතාවය දැන් ආර්ථික සමෘද්ධිය, රැකියා අවස්ථා සහ අර්ථවත් සමාජ සම්බන්ධතා ගොඩ නැගීම සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇත. ඇත්ත වශයෙන්ම, සමහර ලෝක නායකයින් විශ්වාස කරන්නේ අන්තර්ජාල ප්‍රවේශය තවදුරටත් වරප්‍රසාදයක් නොව මානව අයිතිවාසිකමක් බවයි.
https://www.digitalinformationworld.com

මිලියන 400 කට අධික ගිණුම් පාස්කීස් (passkeys) භාවිත කරන බව ගූගල් සමාගම නිවේදනය කරයි.
පසුගිය වසර දෙක තුළ Google ගිණුම් මිලියන 400කට අධික සංඛ්‍යාවක් පාස්කීස් (සත්‍යාපිත පාස්වර්ඩ්) බිලියන 1කට වඩා වැඩි වාර ගණනක් සත්‍ය පරිශීලකයින් බව තහවුරු කරමින් භාවිත කරන බව Google සමාගම නිවේදනය කළේය.
https://thehackernews.com

මයික්‍රොසොෆ්ට් Google හා OpenAI සමඟ තරඟ කිරීමට නව AI ආකෘතියක් සූදානම් කරන බව Information වාර්තා කරයි.
මයික්‍රොසොෆ්ට් විසින් Alphabet හි Google සහ OpenAI සමඟ තරඟ කිරීමට තරම් විශාල නව, අභ්‍යන්තර AI භාෂා ආකෘතියක් පුහුණු කරයි.
https://www.reuters.com

ශ්‍රී ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කරයි.
සයිබර් අපරාධකරුවන් තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවිය ව්‍යාජ ලෙස අනුකරණය කරමින් ඔබේ ලිපිනය සහ ක්‍රෙඩිට් කාඩ් විස්තර ඇතුළු පුද්ගලික තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන වංචාවක් සිදුවෙමින් පවතී.
https://cert.gov.lk/

මාසික වීඩියෝව

සෑම මසකම 10 වෙනි දින හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන වීඩියෝව නරඹා ඉන් ඔබට තේරුණ / ඔබේ දැනුමට එකතු වූ දෙයක් කෙටියෙන් කමෙන්ට් කරන්න!
අහඹු ලෙස තෝරා ගන්නා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට තෑගි ලෙස රු.2,000/- බැගින් වූ MD ගුණසේන පොත්හලේ වවුචර්පත්!!
ත්‍යාග සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන LK ‌ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයට අපගේ ප්‍රණාමය!

ගුරුතුමියට පාඩමක්

ශකිලා නුවරඑළියෙ ඉස්කෝලෙක උගන්වපු ගුරුවරියක්. එයා කසාද බැඳලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ජීවිතේ හොඳම කාලේ ගත කරමින් හිටියේ. අලුත් හීනත් එක්ක ජීවිතේ සැහැල්ලුවෙන් හා සතුටෙන් ගත වුණා. ඒත් මේ සතුට දිගු කල් තිබුණේ නෑ.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

පසුගිය වැඩසටහන්

පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ සමාජ සංවාදය
කොළඹ විශ්වවිද්‍යාලයේ දී

2024 අප්‍රේල් 25 වැනි දින, කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ‘පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය’ පිළිබඳ සමාජ සංවාදයේ අවසන් සැසිය සඳහා හිතවතී සහභාගි විය. මෙම වැඩසටහන Centre for Women’s Research (CENWOR) සංවිධානය මඟින් මෙහෙයවන ලදී. මේ සඳහා විවිධ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් 30ක් පමණ සහභාගි වූහ.

CENWOR 2

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
සූම් තාක්ෂණයෙන්

2024 මැයි 4 වන දින හිතවතී විසින් සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ඒ සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 34 ක කාණ්ඩායමක් සහභාගී වූහ.

අම්මලාට පණිවිඩයක්
LK ඩොමේන් රෙජිස්ට්‍රියේදී

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයට සමගාමීව, හිතවතීගේ ආරාධනය පරිදි, LK ඩොමේන් රෙජිස්ට්‍රියේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු හර්ෂ සපරමාදු මහතා අන්තර්ජාලයේ සැරිසරන අම්මලාට සයිබර් ආරක්ෂණ උපදෙසක් ලබා දෙන ලදී.

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

අර්බුදකාරී Tinyproxy දෝෂය දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීම සඳහා හෝස්ට් (සර්වරයක ස්ථාපනය කිරීම්) 50,000 කට වඩා විවෘත කරයි.
HTTP/HTTPS ප්‍රොක්සි මෙවලමෙහි තීරණාත්මක නොවිසඳු ආරක්ෂක දෝෂයකට ගොදුරු විය හැකි අන්තර්ජාලයේ Tinyproxy සේවාවක් නිරාවරණය කරන හෝස්ට් 90,310 න් 50% කට වඩා සොයාගෙන ඇත.
https://thehackernews.com

GlobalProtect Gateway හි මෙහෙයුම් පද්ධති Command Injection අවදානම.
Palo Alto Threat Prevention දායකත්වය (සබ්ස්ක්‍රිප්ෂන්) ඇති ඕස්ට්‍රේලියානු සංවිධානවලට Threat ID 95187, 95189 සහ 95191 සක්‍රීය කිරීමෙන් මෙම අවදානම සඳහා ප්‍රහාර අවහිර කළ හැක.
https://www.cyber.gov.au

සිස්කෝ ෆයර්වෝල් වේදිකාවලට බලපාන දුර්වලතා උපයෝගී කර ගැනීම.
Cisco ආයතනය එහි ASA සහ FTD උපාංගවලට බලපාන දුර්වලතා තුනක් විස්තර කරන උපදෙස් ප්‍රකාශයට පත් කර ඇත.
https://www.ncsc.gov.uk

චිත්‍රපට ඉඟිය

දි ඉමිටේෂන් ගේම් (2014)

බ්‍රිතාන්‍ය ගණිතඥයෙකු වන ඇලන් ටියුරින් ජර්මානු ප්‍රහේලිකා කේතය විකේතනය කිරීම (තේරුම් ගැනීම) සඳහා ගුප්ත ලේඛන (ක්‍රිප්ටොග්‍රෆි) කණ්ඩායමට සම්බන්ධ වේ. ඔහු තම සහෝදර ගණිතඥයන්ගේ සහාය ඇතිව කේත (කෝඩ්) බිඳීමට යන්ත්‍රයක් නිපදවයි.
https://www.imdb.com

ගැජට්

කුණු මකුණා – ස්වයංක්‍රීයව කුණු අදින රෝවර්
(LitterBug – Autonomous Trash Rover)

කුඩා කැබලි සහිත කුණු හඳුනා ගැනීමට සහ පිරිසිදු කිරීමට පරිගණක දැක්ම සහ ගැඹුරු ඉගෙනීම භාවිතා කරන ස්වයං-රියදුරු රෝවර්.

https://www.hackster.io

සිංහල තේරුම:
මගේ බිරිඳ හැක් වෙලා, මට කප්පම් ගෙවන්න ණයක් ඕනේ.

https://cybersecurityventures.com/

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.