අවසන් වරට යාවත්කාලීන කලේ 2022/03/16

16 වැනි ජාතික කාන්තා අධ්‍යයන සමුළුවේදී හිතවතී විසින් “ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් සයිබර් ප්‍රචණ්ඩත්වය – හිතවතී ව්‍යාපෘතිය පදනම් කරගත් සිදුවීම් අධ්‍යයනයක්” පිළිබඳ ලිපියක් ඉදිරිපත් කරන ලදී.

“Gender Based Violence: From Closed Doors to Cyber Space” යන මැයෙන් පැවති විද්වත් සාකච්ඡාවේදී ජර්නල් පත්‍රිකාව ඉදිරිපත් කරන ලදී.

හිතවතී ව්‍යාපෘති කළමනාකාරිනී සචිනි ශකිලා සහ චිත්‍රාංගනී මුබාරක් විසින් මෙම පත්‍රිකාව සම කර්තෘත්වය දැරීය. පත්‍රිකාව මුද්‍රිත සහ ඩිජිටල් ආකාරයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි .