අවසන් වරට යාවත්කාලීන කලේ 2026/10/21
2026 ඔක්තෝබර් 4 සිට 7 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර “අර්බුදකාරී අවස්ථාවලදී සුරක්ෂිත අන්තර්ජාලයක්” යන තේමාව යටතේ පැවති 2026 ආසියා පැසිෆික් කලාපීය අන්තර්ජාල පාලනය පිළිබඳ සංසදයට (APrIGF) හිතවතී සහභාගී විය. මෙම සංසදය මඟින් කලාපීය සහ ජාත්යන්තර පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අන්තර්ජාල පාලනය, කෘතිම බුද්ධිය (AI), සාවද්ය තොරතුරු, ඩිජිටල් තාක්ෂණයේ ප්රතිලාභ සැමට ලබා දීම සහ ඔන්ලයින් ආරක්ෂාව සම්බන්ධ ගැටළු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන ලදී. අන්තර්ක්රියාකාරී සැසි සහ සාකච්ඡා හරහා, සහභාගිවන්නන් ඉදිරියේදි මුහුණ පැමට සිදුවන ඩිජිටල් අභියෝග සහ ආරක්ෂිතව ඩිජිටල් තාක්ෂණයේ ප්රතිලාභ සැමට ලබාදීමේ ක්රම පිළිබඳ වටිනා අදහස් හුවමාරු කර ගන්නා ලදී. ආසියා-පැසිෆික් කලාපීය පාර්ශවකරුවන් 200 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ.





