අවසන් වරට යාවත්කාලීන කලේ 2025/08/07

ගුණ ජය සතුට පදනම මඟින් සංවිධානය කරන ලද සමාජ මාධ්‍ය, සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 අගෝස්තු 1 වන දින සීනිගම ගුණ ජය සතුට පදනමේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා ගුණ ජය සතුට පදනමේ කාන්තාවන් සවිබල ගන්වන ඒකකය යටතේ ක්‍රියාත්මක වන කාන්තා ඇඳුම් නිර්මාණය හදාරන ශිෂ්‍ය කණ්ඩායමේ 60 දෙනෙක් පමණ සහභාගී වූහ.