අවසන් වරට යාවත්කාලීන කලේ 2025/10/27

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 ඔක්තෝබර් 13 වැනි දින උඩුබද්දාව නැණසල ආයතනයේ හිතවතී නියෝජනය කරන ස්වේච්ඡා සම්පත් දායක මහතෙකු විසින් කුරුණෑගල, දුම්මලසූරිය කට්ටිමහන මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. උඩුබද්දාව නැණසල ආයතනය මඟින් මෙම සැසිය සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා පාසලේ ගුරුවරුන් හා සිසුවියන් ඇතුළුව 150 දෙනෙකු පමණ සහභාගී විය.