අවසන් වරට යාවත්කාලීන කලේ 2026/05/15

2026 මාර්තු 9 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව වාර්ෂික දැනුවත් කිරීමේ සැසියක් පල්ලේපොල, මහාබෝධි මධ්‍ය මහා විද්‍යාලේදී පවත්වන ලදී. ආරක්ෂිත හා වගකීම් සහගත ඩිජිටල් භාවිතය ප්රවර්ධනය කිරීමේ උත්සාහයක් වූ මෙම සැසිය සඳහා පාසලේ ගුරුවරුන් හා නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන් ඇතුළුව 20 දෙනෙකු පමණ සහභාගී විය.