අවසන් වරට යාවත්කාලීන කලේ 2026/02/20

2026 ජනවාරි 28 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව වාර්ෂික දැනුවත් කිරීමේ සැසියක් ගලේවෙල, මකුළුගස්වැව මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. ආරක්ෂිත හා වගකීම් සහගත ඩිජිටල් භාවිතය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් වූ මෙම සැසිය සඳහා පාසලේ නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන් ඇතුළුව 100 දෙනෙකු පමණ සහභාගී විය.